Monday, May 4, 2026
HomeNEWSසංචාරකයින් හට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් දැඩි නීත්‍යානුකූලව පියවර.

සංචාරකයින් හට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් දැඩි නීත්‍යානුකූලව පියවර.

සංචාරකයින් හට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් දැඩි නීත්‍යානුකූලව පියවර ගැනීම සඳහා අදාළ සියලු ආයතන වෙත රජයේ පූර්ණ සහයෝගය*මාතර වැලිගම සංචාරක කලාපයේ දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාව පුහුණු කිරීම සිදුකරන ආයතන පරිශ්‍රයක දී එහ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු විසින් තමන්හට කරන ලද පහර දීමක් සම්බන්ධයෙන් JOSEPH JAMES WEBER හෙවත් THE LOST JOEY නම් යු ටියුබ් චැනලයේ හිමිකාර පිලිපීන ජාතිකයකු විසින් කරන ලද පටිගත කිරීමක් ඊයේ දිනයේදි සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබිණ. මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියෙන් කරන ලද විමසීම්වලට අනුකූලව එම සිදුවීම පසුගිය දෙදහස් විසි හතර (2024) වර්ෂයේ පෙබරවාරි මස 24 වන දින සිදුවූවක් බවත් අනතුරුව එම සංචාරකයා විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව එම සැකකාර ශ්‍රී ලාංකිකයා එදිනම අත්අඩංගුවට ගෙන උසාවිය වෙත ඉදිරිපත් කරන ලද බවත් එහිදී ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගයන්ට යටත්ව එම නඩු කටයුත්ත මාතර ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ තවදුරටත් විභාග වෙමින් පවතින බවත් වාර්තා විය. මෙම සිදුවීම පිළිබදව රජයේ කණගාටුව පළ කරමින් මේ සම්බන්ධව සිදුකෙරෙන සියලු විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා රජය විසින් ලබාදෙන සහයෝගය පිළිබඳව එම පිලිපීන ජාතික සංචාරකයා දැනුවත් කිරීමටත් මේ වන විට පියවර ගෙන තිබේ. ශ්‍රී ලාංකීය සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත්ව සංවර්ධනය කරා ගෙන යෑමට රජය සහ ඒ හා සම්බන්ධ සියලු පාර්ශව සිදුකරන දැඩි කැපවීම් අනර්ථකාරී තත්ත්වයට පත් කිරීමටත් රටේ කීර්ති නාමය විනාශය කිරීමට යත්න දරන ඕනෑම තැනැත්තකුට එරෙහිව දඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන වෙත රජය සියලු බලතල ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රථමවරට ශ්‍රී ලංකාවෙන් පලස්තීනයට තානාපතිවරයෙකුට සමාන නව නියෝජිතයෙක්

තානාපති ධූරයට සමාන නිලයක පිහිට වූ ශ්‍රී ලංකා නියෝජිතයකයෙකු පලස්තීනයට පත් කර තිබෙනවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පලස්තීනයේ ශ්‍රී...

දිනන දකුණෙන් මුදල් ලේකම්ට ප්‍රශ්න 5ක්

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමලේකම්,මුදල් අමාත්‍යාංශය.2026-05-04 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඈ (xiii) වගන්තිය ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකු ලෙස දැනට මතුවී ඇති ආන්දෝලනාත්මක...

රංග නිශාන්තගේ මරණය වගේම මරණ පරීක්ෂණයත් සැක සහිතයි-ගම්මන්පිල

2026 මැයි 04 වන දින පැවැති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් රංග නිශාන්තගේ මරණය වගේම...

බැංකුවක වංචාවක් ගැන සඳහන් කරමින් රවීගෙන් ජනපතිට ලිපියක්

NDB බැංකු වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කරුණු 05...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img