Saturday, August 15, 2026
HomeNEWSසංවර්ධනයට ඉඩම් ගන්න හැටි දේවානි ජයතිලක කියයි

සංවර්ධනයට ඉඩම් ගන්න හැටි දේවානි ජයතිලක කියයි

සංවර්ධනයට ඉඩම් ගන්න හැටි දේවානි ජයතිලක කියයි

පරිසරය සුරක්ෂිත කිරීම සඳහා වන සංරක්ෂණ, වනජීවී සංරක්ෂණ සහ මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතන තුනෙහි සේවකයින් ඒකාබද්ධව අද (27) නව වෘත්තිය සමිති එකමුතුවක් පිහිටුවා ගනු ලැබීය.

පරිසරය සුරක්ෂිත කිරීම සඳහා “පරිසරය උදෙසා රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව” නමින් එම නව වෘත්තිය සමිතිය පිහිටුවීමට පියවරගෙන ඇත.

ඊට එක්වූ ගම්පහ දිසා වනනිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය සඳහන් කළේ සංරක්ෂණය කළයුතු සහ සංවර්ධනය කළ ඉඩම් නිසි ලෙස හඳුනාගැනීමට පැහැදිලි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කළයුතු බවය. 

ඊට අදාළ ලේඛණයට රාජ්‍ය සේවකයින් අත්සන් තැබුවේ අත්තිඩිය සොබාකෙත පරිශ්‍රයේදීයි.

“ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරලා සංවේදී ප්‍රදේශ, ආරක්ෂා කරගත යුතු ප්‍රදේශ, අලිමංකඩ මේ සියල්ල සංරක්ෂණය කරලා  ඉතිරි වෙන ඉඩම් භූමි ප්‍රමාණයන් සංවර්ධන කටයුතුවලට සහ අනෙක් දේවල්වලට පාවිච්චි කරන්න. එතකොට ගැටළු විසඳන්න පුළුවන්. නමුත් දැන් සංවර්ධනයට සියලුම ඉඩම් අරන්. ඉතුරුවෙන ඉඩම් පමණයි සංරක්ෂණය කරන්නේ. ඒ නිසයි පරිසර පද්ධති විනාශ වෙන්නේ. අද අලි මිනිස් ගැටුම්, භෝගවලට සත්ව විවිධ හානි සිදුවෙන්නේ ඒ නිසයි. ඒ නිසා අපි තීරණය කළා රජයට මේ ගැන සහාය දීමක් විදිහට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරලා, රට නිවැරදි මාර්ගයට ගෙන යා යුතුයි කියලා. නිතරම කියනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංවර්ධනයට බාධා කරනවලු. අපි කියන්නේ තිරසාර ලෙස සංවර්ධනය කරන්න,” යනුවෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img