සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අදත් (16) රැස්විය.
ඒ පුරප්පාඩු වී පවතින ජනාධිපති ධුරය සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡාවක් සඳහාය.
ජනාධිපතිවරයා තේරීමේ තරගයට තමන් ද ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර දැනුම්දුන් අතර එය සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කර තිබුණි.
ඒ අනුව එම යෝජනාව සම්මත කිරීම අද නැවත තහවුරු කරනු ලැබීය.
ඊට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක් සමග අද තවත් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතය.






















