Thursday, July 23, 2026
HomeNEWSLatest Newsසමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 71ක්

සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 71ක්

සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 71ක්

සමස්ත දිවයිනේ ම ඡන්දදායකයන්ගෙන් සියයට 71 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඡන්ද වීමසීම නිමාවීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ අද (05) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.

ඡන්ද විමසීම පැය 10ක් පුරා පැවැත්වුණේ, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පැනවූ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වය.

දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශකිරීමේ ප්‍රතිශතය සියයට හැත්තෑව ඉක්මවා ගොස් තිබුණි.

අඩුම ප්‍රතිශතය මෙවර වාර්තා වී තිබුණේ කුරුණෑගල,ගාල්ල පුත්තලම දිස්ත්‍රික්කවලින්.

ඒ අනුව දිවයිනේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතයන් මෙසේ ය.

ගාල්ල 69%
නුවරඑළිය 75%
බදුල්ල 74%
ත්‍රිකුණාමලය 74%
මොනරාගල 74%
වන්නි 73%
රත්නපුර 73%
හම්බන්තොට 73%
කොළඹ 72%
දිගාමඩුල්ල 72%
මඩකලපුව 72%
පොළොන්නරුව 71%
කෑගල්ල 71%
මාතර 71%
කළුතර 71%
මාතලේ 71%
මහනුවර 71%
අනුරාධපුරය 71%
ගාල්ල 69%
කුරුණෑගල 69%
ගම්පහ 69%
යාපනය 64%
පුත්තලම 63%

ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 කින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර ඉදිරිපත් ව සිටියි.

2019 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසූපහකි.

දිවයින පුරා මධ්‍යස්ථාන 12,985 කදී  ඡන්ද දායකයින්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබුණි.

මෙවර මහමැතිවරණය කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ පැවැත්වීමට සිදුව තිබීම නිසා ඡන්ද දායකයින්ට අද දිනයේදී සිය ඡන්දය භාවිත කිරිමට අවස්ථාව සලසා තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img