Tuesday, August 18, 2026
HomeNEWSසයින්දමර්දු සිට පැමිණ කළු ඉරිදා විරෝධයට එක්වූ පුද්ගලයාගේ ඉල්ලීම

සයින්දමර්දු සිට පැමිණ කළු ඉරිදා විරෝධයට එක්වූ පුද්ගලයාගේ ඉල්ලීම

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුකරන්නැයි බලකරමින් මෙරට කතෝලික සභාව අද (07) කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ අතර ඒ අනුව දිවයිනේ සියලු දේවස්ථාන අසල නිහඬ විරෝධතා පැවැත්වුණි.

කිතුණු ජනතාව දේව මෙහෙයන්ට සහභාගී වූයේද කළු ඇඳුමින් සැරසීගෙනය.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ සියලු නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත්, චෝදනා ලැබූවන් ආරක්ෂා නොකරන ලෙසත් මෙහිදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පසුගිය පෙබරවාරි මස 01 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුනි.

අදාළ වාර්තාව තුළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව වගකිවයුත්තන් ලෙස සහරාන් හෂිම් ප්‍රමුඛ ත්‍රස්තවාදීන් පිරිසක් නම් කර තිබූ අතර ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා සහ හිටපු පොලිස්පතිවරයාට එරෙහිව අපරාධ චෝදනා ගොනුකරන ලෙස නිර්දේශ කර තිබුණි.

කෙසේ වෙතත් ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර 02 කට ආසන්න කාලයක් ගතවෙද්දීත් විධිමත්ව යුක්තිය ඉටු වී නොමැති බව පවසමින් අද දින කළු ඉරිදාවක් ලෙස නම් කිරීමට කතෝලික අගරදගුරු පදවිය පසුගියදා තීරණයකර තිබුණි.

ප්‍රහාර මාලාවේ එක් ඉලක්කයක් බවට පත්වු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය වෙත පැමිණි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එහිදී කළු ඉරිදා විරෝධතාවයට එක්විය.

මේ අතර මෙම විරෝධතාවය සඳහා සයින්දමර්දු ප්‍රදේශවාසියෙක් ද එක්ව සිටියේය.

එම්.ඉසදීන් නම් ඔහු සඳහන් කළේ, “මුස්ලිම් ජාතිකයෙක් හැටියට මම මෙතනට ආවේ. අපිට මේක දැන් දරාගන්න බෑ. අපිට මේක කළු පැල්ලමක්. රවුෆ් හකීම්, බදියුදීන්, හිස්බුල්ලා ඒ ඔක්කොම ඡන්දෙ ඉල්ලනකොට සහරාන් එක්ක තේ පැන් සංග්‍රහයක් කරලා තියෙනවා කාත්තාන්කුඩිවල. ඒ වගේ අයට මොනාද දඬුවම් දෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලය පාවිච්චි කරලා අල්ලන්න,” යනුවෙනි.

මෙරට කතෝලික සභාව විසින් අද දිනයේ පවත්වන ලද කළු ඉරිදා විරෝධයට සහාය දක්වමින් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින් මිලානෝ නුවර සාන්ත ස්ටේෆානෝ දේවස්ථානයේදි කළු ඉරිදා විරෝධයට එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන සංශෝධනයට එරෙහිව සර්වජන බලයෙන් පෙත්සමක්

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සර්වජන බලය පක්ෂය...

22 වන සංශෝධනයට එරෙහිව සජබයෙන් පෙත්සමක්

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්...

22 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක් 

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද...

22 ඇතුළේ කියන තරම් යකෙක් නෑ” – අධිකරණ ඇමති

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. මෙම සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img