Friday, July 17, 2026
HomeNEWSසර්වඥ ධාතූන් වහන්සේ වැඩව කරවීම ගැන ගුජරාටයට ඇමති විජිතගේ ස්තූතිය

සර්වඥ ධාතූන් වහන්සේ වැඩව කරවීම ගැන ගුජරාටයට ඇමති විජිතගේ ස්තූතිය

ගුජරාට ආණ්ඩුකාරවරයා සහ මහඇමති ඇතුළු පිරිසක් විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි. අද (02/06) දින ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්ත ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් (Acharya Devvrat) මහතා සහ මහඇමති භූපේන්ද්‍ර පටෙල් (Bhupendra Patel) මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූහ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ කළ සංචාරයක දී කළ ඉල්ලීමකට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මඟපෙන්වීම යටතේ ගුජරාටයේ තැන්පත් කර තිබූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීම සිදු වූ බව ආචාර්ය දේව්ව්‍රත් පෙන්වා දුන්නේ ය. ගුජරාට ප්‍රාන්ත ඉතිහාසය තුළ පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ විදේශ රටකට වැඩම කරවනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක් බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම දෙරට අතර පවතින අන්‍යෝන්‍ය ගෞරවය විදහා දක්වන ඓතිහාසික සන්ධිස්ථානයක් බවත් ඒ මහතා වැඩිදුරත් ප්‍රකාශ කළේ ය.මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා, මෙම ඓතිහාසික ධාතු වන්දනාව සංවිධානය කිරීමට ගුජරාට ප්‍රාන්ත රජය ලබා දෙන දායකත්වය පිළිබඳව ද සිය ස්තූතිය පළ කළේ ය. මෙය ශ්‍රී ලංකාව සහ ගුජරාට ප්‍රාන්තය අතර පවතින දීර්ඝ කාලීන ආගමික හා සංස්කෘතික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමක් කරන අවස්ථාවක් බව ද පෙන්වා දුන්නේ ය.මෙම සාකච්ඡාව අතරතුර ඉන්දියාවේ ප්‍රමුඛත ම කාර්මික මධ්‍යස්ථානයක් වන ගුජරාටය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි ද දෙපාර්ශවයේ ම අවධානය යොමු විය. ගුජරාටයේ ස්ථාපිත අමුල් (Amul) සහ ටාටා (Tata) වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් සමඟ පවතින කාර්මික සහයෝගීතාව පුළුල් කිරීම සහ දෙරටේ බෞද්ධ ජනතාව අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන් මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවර්ධන අවස්ථා පිළිබඳව ද මෙහිදී සුබවාදී එකඟතාවන්ට එළඹුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img