රට යථාතත්ත්වයට පත්කිරීම වෙනුවෙන් වු සර්ව පාක්ෂික රජය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සිය සහයෝගය ලබාදිය යුතු බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා පවසයි.
හිටපු කථානායකවරයා පෙන්වාදෙන්නේ සෑම පක්ෂයකම මන්ත්‍රිවරුන්ට යම් වගකීමක් පැවරිය යුතු සේම, පසුපෙළ මන්ත්‍රිවරුන්ට ඒ සඳහා වැඩි අවස්ථාවක් ලබාදිය යුතු බවය.
“අපි සෑම විටම විශ්වාස කරනවා ජාතික එකඟතා ආණ්ඩුවක් හදනවා නම් සීමිත කාලයකට කවදාවත් විපක්ෂයක් තියන්න බෑ පාර්ලිමේන්තුව තුළ. ඔක්කෝම ඉන්න ඕනේ පාර්ලිමේන්තුව ඇතුළේ සහෝදරත්වයෙන්. ඒ නිසා තමයි අපි විවිධ යෝජනා ඉදිරිපත් කළේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා පසුපෙළ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදෙන්න. ඩොනමෝර් ක්‍රමය කාලයේත් තිබුණා. සෑම මන්ත්‍රීවරයෙකුට යම්කිසි වැඩකොටසක් තිබුණා. ඒ අය පාලනයට හවුල් වුණා. ඒ නිසා පාර්ලිමේන්තු විමර්ශන කාරක සභාව ශක්තිමත් කිරීම සඳහා ඉල්ලීමක් ලැබුණා. ඒ යෝජනාව අපි රජයට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුව එ්කට එකඟ වුණා. ඒ සම්බන්ධයෙන් දේශපාලන භේදයෙන් තොරව විශේෂයෙන්ම පසුපෙළ මන්ත්‍රීවරුන්ට රාජ්‍යකරණයේ දී සහභාගී වීම සඳහා අපි ඉතා ඉක්මනින් ඒ කටයුත්ත දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා.”






















