Saturday, August 29, 2026
HomeNEWS“සර්” ෆේල් කියන්නේ ජනතාව විසින් අන්ත අසරණ ලෙස ෆේල් කරපු කණ්ඩායමක් -...

“සර්” ෆේල් කියන්නේ ජනතාව විසින් අන්ත අසරණ ලෙස ෆේල් කරපු කණ්ඩායමක් – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා

“සර්” ෆේල් කියන්නේ ජනතාව විසින් අන්ත අසරණ ලෙස ෆේල් කරපු කණ්ඩායමක් – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා

එදා යහපාලන ආණ්ඩුව විසින් ගෙන ගිය වැඩපිළිවෙල පසුගිය මැතිවරණ දෙකකදී මේ  රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කල අතර එසේ අන්ත අසරණ ලෙස ප්‍රතික්ෂේප වූ කණ්ඩායම “සර්” ෆේල් කියා ප්‍රකාශ කරන්නේ ඉතාමත් කුහක ලෙසින් බවත් අප රජය සහ අතිගරු ජනාධිපතිතුමන් පාස්ද  ෆෙල්ද කියා රටේ ඡන්ද දායකයින් තව අවුරුදු හතරකින් තීරණය කරණු ඇති බවත් තවම මාස හතරක් පමණක් ගත වී ඇති අතර අපේ ආණ්ඩුව පාස්ද ෆේල්ද කියා තීරණය කිරිමට විපක්‍ෂයට නොහැකි බවත් කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසැල් හා ප්‍රාථමිකඅධ්‍යාපන,පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවති වැඩසටහනකදී පැවසිය.

දෙදහස් විසිනවය තෙක් අප රට ණය උගුලක හිර කර ඇතත් වත්මන් ආණ්ඩුව ක්‍රමානුකුලව ණය වාරිකය හා පොළිය ගෙවමින් ජාත්‍යන්තර වශයෙන් ණය ගැනීම සීමා කර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල වශයෙන් කැපවී සිටින බවත්. ග්‍රාමීය ජනතාවට මෙන්ම නාගරික ජනතාවටද සංවර්ධනයේ අරුණළු උදා කරමින් වේගවත් සංවර්ධන මාවතකට පිවිස තිබෙන අප රජය දේශීය ගොවියා ආරක්ෂා කර ගනිමින්ද, දේශීය සම්පත් උපයෝගී කර ගනිමින් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමට දැනටමත් අවශ්‍ය කටයුතු කර ඇති බවද ප්‍රකාශ කර සිටියේය.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ එදා රජය කොවිඩ් වසංගතය හමුවේ මේ වකවානුවේදී රට පාලනය කලා නම් විශාලා මහනුවරක් මෙන් රටේ තැන තැන මිනි කඳු ගොඩ ගැසී තිබෙන අයුරු දක්නට ලැබෙනු ඇති බවද පැවසිය.ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ශ්‍රී ලංකාව ලොව අනෙකුත් රටවලට වඩා සාර්ථක ලෙස කොවිඩ් 19 වසංගතය පාලනය කරමින් සිටින බව පවසන අතර, අපගේ රජය ජනතාවගේ ජීවිතය උගසට තබා ක්‍රියා නොකරන රජයක් බවත්, රටේ ආර්ථිකය මෙන්ම ජන ජීවිතය නගා සිටුවීම සඳහා කැපවීමෙන් ක්‍රියා කරන අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතිහාසයේ කිසිම දිනෙක ෆේල් වී නොමැති බවත්, වර්තමානයේ මෙන්ම අනාගතයේදීද ෆේල් වන කිසිම වැඩකට අත නොගසන බවත්,  එදා  හැටනවලක්ෂයක් ජනතාව එතුමන්කෙරේ තැබූ විශ්වාසයට අබමල් රේණුවකින් වත් හානියක් නොවීමට අග්‍රාමාත්‍යතුමන් ඇතුළු රජය ක්‍රියාකරන බවත් පැවසිය.

ඊළඟ මැතිවරණයේදී “සර්” ෆේල් ද පාස් ද යන්න විපක්ෂයට අපේ රටේ ජනතාව මතක් කර දෙනු ඇතැයි ද එදාටත් සිදුවන්නේ විපක්ෂයට ෆේල් වන්නට බවත් විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තරුණියක් පැහැරගෙන අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

තරුණියක් පැහැරගෙන යන බවට වාර්තා වූ මෝටර් රථයක් නාවල පාර මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ නිසා පොලිසියෙන් වෙඩි. තරුණිය සහ මෝටර් රථය අතහැර...

සෙවනගල සීනි කම්හල තාවකාලිකව වසා දැමේ

සේවක පිරිසක් රාජකාරියෙන් බැහැරව නිෂ්පාදන ආරම්භ නොකිරීම හේතුවෙන්, සෙවනගල සීනි කම්හල අද (29) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට කළමනාකාරීත්වය තීරණය කරයි: ලංකා...

22ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වැරදි විදියට- දයාසිරි ජයසේකර

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ වැරදි විදියට බවත් එහි දීර්ඝ නාමය ගැන සහ එය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන්...

වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට ඇමෙරිකාව ගිවිසුම් අත්සන් කරයි

නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ඉන්ධන මිල අඩු කිරීම සඳහා වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට සඳහ වන ගිවිසුමක් අත්සන් කල බව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img