Monday, November 2, 2026
HomeNEWSසාම්ප්‍රදායික මතයන්ගෙන් වෙනස්වීමට තිබූ අකමැත්ත ශ්‍රී ලංකාව ආපස්සට ඇද දැමූවා-මුදල් රාජ්‍ය අමාත්‍ය...

සාම්ප්‍රදායික මතයන්ගෙන් වෙනස්වීමට තිබූ අකමැත්ත ශ්‍රී ලංකාව ආපස්සට ඇද දැමූවා-මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

සාම්ප්‍රදායික මතයන්ගෙන් වෙනස්වීමට තිබූ අකමැත්ත ශ්‍රී ලංකාව ආපස්සට ඇද දැමූවා..• මාස 15කට පෙර අර්බුධයෙන් මිදීම සඳහා තිබූ ජනතා අපේක්ෂාව අද වෙනත් පැතිකරා ගමන් කරලා..- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ – සාම්ප්‍රදායික මතයන්ගෙන් වෙනස්වීමට තිබූ අකමැත්ත ශ්‍රී ලංකාවට සෙසු රටවල් සමග ඉදිරියට ගමන් කිරීමට තිබූ අවස්ථාව අහිමි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. සෙසු රටවල් සමස්ත ලෝකයම පිළිගත හැකි වෙනස්කම් කරා යද්දී ශ්‍රී ලංකා එම මාර්ගයට අවතීර්ණ වූයේ බොහෝ ප්‍රමාදයක් සහිතව බවයි. සේමසිංහ මහතා මේ බව කියා සිටියේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ‘සුපිරි ධන සම්පත්‘ ලොතරැයිය හඳුන්වා දීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි. එහි දී අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන දායකත්වයෙන් ක්‍රියාත්මක ජනාධිපති අරමුදල මගින් මෙරට ජනතාවගේ සෞඛ්‍ය ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් ඉතා කඩිනම් සේවයක් සපයන බව අමාත්‍යවරයා කියා සිටියේ ය. එහෙත් එවැනි දෑ සමාජය තුළ සංසරණය වීම මන්දගාමී බව අමාත්‍යවරයා පැවසීය. ධනාත්මක තොරතුරුවලට වඩා දූෂණ වංචා පිළිබඳ තොරතුරු වඩාත් වේගවත්ව සංසරණය වන බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ ඊට ජනමාධ්‍ය මගින් ද වැඩි ප්‍රචාරයක් ලබා දෙන බවයි. මීට මාස 15කට පමණ පෙර රට පැවැති තත්ත්වය සිහිපත් කළ අමාත්‍යවරයා කියා සිටියේ අද වන විට එම තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බවයි. පැය 13ක කාලයක් විදුලිය විසන්ධි කළ රටක්, තෙල් පෝලිම්වල දින ගණන් ගත කළ යුගයක් අවසන් කිරීමට හැකි වූයේ ජනතාවගේ ද කැපවීම මත බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. එවකට ජනතාවගේ එකම අපේක්ෂාව වූයේ එම අර්බුදයෙන් මිදීම පමණක් වුව ද අද වන විට එම අපේක්ෂාවෙන් වෙනත් පැති කරා යොමු වී ඇති බව හෙතෙම පැවැසීය. එය ඇතැම් පටු අරමුණු වෙනුවෙන් පෙනීසිටිමින් රට සදාකාලිකව අර්බුධයේ ගිලී පැවතීම අපේක්ෂා කරන පාර්ශ්වවලට වාසි සහගත බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය. මාධ්‍ය ඒකකය (මුදල් රාජ්‍ය අමාත්‍ය),මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය. වැඩි විස්තර :- අනුරංග නිසල් 076-2044349

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමෙරිකාවේ – ෆ්ලොරීඩාවලදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි.. 09 දෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ - ෆ්ලොරීඩාවලදී කුඩා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි 09 දෙනාම ජීවිතක්ෂයට: විදෙස් මාධ්‍ය

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img