සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා උපදෙස් හා දැනුවත් කිරීමක් සිදු කරමින් විභාග දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත්කර තිබේ.
එහි දැක්වෙන්නේ කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන තුළ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් විභාගය ආරම්භවීමට පැයකට පෙර සියලුම අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවය.
එම කරුණ සහ තවත් කරුණු රැසක් ඇතුළත් එම නිවේදනය පහතින් දැක්වේ.






















