Wednesday, November 11, 2026
HomeNEWSසාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලටත් ගුරු වර්ජනයෙන් බාධා ?

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලටත් ගුරු වර්ජනයෙන් බාධා ?

එළඹෙන සඳුදා ආරම්භවීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතුවලින් ඉවත්වීමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති තීරණය කර තිබේ.

ඒ අනුව එම තීරණය ලිඛිතව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාරදුන් බව එම වෘත්තිය සමිති පවසති.

වැටුප් විෂමතාවයට මේ දක්වා රජය නිසි විසඳුම් ලබාදීමට අපොහොසත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔවුන් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ සමග වැඩිදුරටත් අදහස් දැක්වූ  ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා,

“ආණ්ඩුව මේ කාරණාව තවදුරටත් විවිධ සාකච්ඡා කරමින් දීර්ඝ කරමින් යනවා. අපිට අවශ්‍ය ක්ෂණික විසඳුමක්. විසඳුම් ප්‍රවේශ ගණනාවක් අධ්‍යාපන බලධාරීන් අතේ තියෙද්දි තමයි ඒවා ක්‍රියාත්මක නොකර ගැටලු ඉදිරියට අරගෙන යන්නේ. ඒ නිසා අපි අපේ අරගලයේ තවත් පියවරක් වැඩි කරමින් විරෝධය දක්වනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img