සාලිට එරෙහිව පිවිතුරු හෙළ උරුමයෙන් පැමිණිල්ලක්
ජාතීන් අතර අසමගිය සහ අන්තවාදය වපුරන අසාද් සාලි ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරණ ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා විසින් ඊයේ දින (2021.03.12) පොලිස් මුලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කලේය. පක්ෂයේ මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝණාර, තරුණ ලේකම් ඉරංග විද්වත් යන මහත්වරුන්ද මේ සදහා එක් විය. (2021.03.12)
එහිදී පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා දැක්වූ අදහස්.
හිටපු ආණ්ඩුකාර ආසාද් සාලි 2021 මාර්තු මාසයේ 09 දින හෝ ඊට ආසන්න දිනයක සිදු කරපු මේ රටේ ජාතින් අතර අසමගිය වර්ධනය කරන මේ රටේ එක රටක් එක නීතියක් කියන සංකල්පයට සමච්චල් කරන ප්‍රකාශය සම්බන්ධයෙන් අද අපි පොලිස්පතිතුමන් වෙත පැමිණිල්ක් බාර දුන්නා.
ආසාද් සාලි විසින් සිදුකරපු ඒ ප්‍රකාශය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනතේ තුන් වන වගන්තිය උල්ලංඝනය කරන තුන් වන වගන්තිය සහ ඊට අනුගම්‍ය ප්‍රතිපාදනයන්ට පටහැනි ඇප දීමට නොහැකි වරදක් ලෙසයි අප දකින්නේ. ඒ නිසා අප ඉතාමත් කරුණාවෙන් මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට මේ ආකාරයට නිදහසේ නිදැල්ලේ සංචරණය වෙමින් මේ රටේ ජාතිවාදය වැපිරීමට තියෙන ඉඩකඩ වලට වහාම තිත තබන්න කියලා. මක්නිසාදයත් ආසාද් සාලිගේ කැරැට්ටුව මුළුමහත් රටම දන්නවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ පළවෙනි වෙළුමේ ආසාද් සාලි විසින්, වනාතවිල්ලුව අවි ගබඩාවේ සිටිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ සිට මාවනැල්ල බුදු පිළිම කඩා බිඳ දැමූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ සිට ඒ අපරාධකරුවන් ලෙස සැක කරපු අන්තවාදය ප්‍රවර්ධනය කරපු ත්‍රස්තවාදී ක්‍රියාවලට මැදිහත් වූ සැකකරුවන් මුදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ වාර්තා 121 වැනි පිටුවේ සිට 127 පිටුව දක්වා වාර්තා වෙනවා. ඒ වගේම ඒ පාස්කු කොමිෂන් වාර්තාවේ 127වෙනි පිටුවේ පැහැදිලිවම වාර්තා කරල තියෙනවා ආසාද් සාලිගේ එම ක්‍රියාව ත්‍රස්තවාදී ක්‍රියාවකට අනුබල දීමක්. ත්‍රස්තවාදී ක්‍රියාවක් සාපරාධි ක්‍රියාවක්. ඒ නිසා මේ පිළිබඳ කොමිෂන් සභා වාර්තා ඇවිල්ලා තියෙනවා කොමිෂන් සභාවෙන් නිර්දේශ ඇවිල්ල තියෙනවා ආසාද් සලිලා වගේ අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ගැන. මේ නිසා ඕනෑවටත් වඩා මේ පිළිබඳව මේ රටේ මිනිසුන් තුළ සමාජය තුළ සාකච්ඡා වෙලා තියෙනවා. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටින්නේ තවත් කොමිෂන් අපිට වැඩක් නෑ පොරවෙන් කපන්න තියෙන දේ දක්වා යන්නේ නැතුව ඇඟිලි තුඩුවලින් කපන්න තියෙන දේ, දල්ලෙන් කඩන්න තියෙන දේ මහා රුකක් වෙන්න දෙන්නෙ නැතුව ආසාද් සලිලාට විරුද්ධව කොමිෂන් සභා වාර්තාවන් අනුව, වෙනත් වාර්තාවන් අනුව, නිර්දේශයන් සැලකිල්ලට අරගෙන මේ අන්තවාදය වපුරන, තමන්ගේ දේශපාලන ජාගර අවශ්‍යතාවයන් වෙනුවෙන් මාතෘභූමියේ සැබෑ සමගියට එරෙහි වන, මේ විදියේ අපරාධකරුවන් වහාම නීතිය හමුවට ගෙන මේ පිළිබඳව තරයේ ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි මේ ආණ්ඩුවට බලකර සිටිනවා. මේ සම්බන්ධයෙන් තමයි අපි මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ.
මෙහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය තරුණ ලේකම් ඉරංග විද්වත්
අසාත් සාලි ප්‍රකාශයක් කරලා තියෙනවා අපි අනුගමනය කරන්නේ අපේ නීතිය මේ රටේ නීතිය නෙමෙයි කියන එක. නමුත් අපි ඔහුට මතක් කරලා දෙන්න ඕනේ 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් බලයට පත්කළේ එක රටක් එක නීතියක් කියන ඒ ආදර්ශපාටය පෙරටු කරගෙන. ඒ නිසා රටේ ජනතාවට තමන් ඡන්දය දීපු අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින්න ඒ වගේම ඒ අභිලාෂයන් මේ මහ පොළොව මත යථාර්තයක් බවට පත් කරන්න අයිතියත් තියෙනවා.
ඒ වගේම ඔහු සඳහන් කරනවා අවුරුදු 18 ට අඩු ගැහැණු දරුවන් විවාහයට පත් කිරීම පිළිබඳව. ඔහුට මතක් කරලා දෙන්න ඕනේ මේක ගල් යුගය නෙමෙයි. අපි බල්ලෝ පූසෝ වගේ ක්‍රියා කරන්න අවශ්‍ය නෑ. අපි තිරිසන් සත්තු වගේ ක්‍රියා කරන්න අවශ්‍ය නෑ. අපි විසි එක් වන ශතවර්ෂයට අනුකූලව හැඩගැහෙන්න අවශ්‍යයි. දරුවෙක් අවුරුදු 18ට වඩා අඩුයි කියලා කියන්නේ ඔහු හෝ ඇය තවමත් අධ්‍යාපනය ලබන්න අවශ්‍යයි. විශේෂයෙන්ම කාන්තාවන් තමන්ගෙ අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා තමන්ව බලගන්වා ගැනීම සඳහා අධ්‍යාපනය කියන එක අතිශයින් වැදගත්. ඒ කාලයේදී විවාහයට පත් වීම නව සමාජයට කොහෙත්ම අදාල වෙන්නෙ නැති දෙයක්.
ඒ වගේම තමයි සියලුම කොමිසම් වලටත් අපි මතක් කරලා දෙන්න කැමතියි මේ රටේ අතිපූජනීය සංඝයා වහන්සේ නමක් වන ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ බොදු බල සේනාව තහනම් කිරීම වෙනුවට කලයුතුව තියෙන්නෙ මේ අසාද් සාලි වගේ විවිධ වූ අවස්ථාවල ඉදිරියට ඇවිල්ලා මේ රටේ ජාති භේදය ආගම් භේද ඇති කරන්න ක්‍රියාකරන ඒ මිනිසුන්ට එරෙහිව ක්‍රියා කිරීමට තමන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමයි. නමුත් අවාසනාවකට වෙලා තියෙන්නේ බොදු බල සේනාව තහනම් කරන්නේ කියලා කියලා කියන එක.
අවසාන වශයෙන් ජාතික සංවිධාන වලට අපි ආරාධනා කරනවා එන්න අපි එකතුවෙලා වැඩ කරන්න අවශ්‍යයි මේ රට ගිලගන්න හදන අන්තවාදය මේ රටින් තුරන් කරන්න. එහෙම නැත්නම් අනාගතයේදී සිදු වෙනවා ශ්‍රී ලංකා මාතා කියන අපේ ජාතික ගීය වෙනුවට දියවන්නා කුමාරියේ ඔබ නිදනා නිසොල්මනේ දෙරණට සඳ පලුව එබෙනවා කියන ගීතය ජාතික ගීය කර ගන්න.






















