Wednesday, November 11, 2026
HomeNEWSසැක සහිත බැංකු ගිණුම් ගැන මහ බැංකුව තීරණයක් ගනී

සැක සහිත බැංකු ගිණුම් ගැන මහ බැංකුව තීරණයක් ගනී

මුදල් විශුද්ධිකරණ නීතිය යටතේ  හේතුවක් නොමැතිව යම්කිසි පුද්ගලයෙක් තවත් ගිණුමකට මුදල් බැර කරන්නේ නම් ඒ සම්බධව සොයා බැලීමට මහ බැංකුව කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

අද (04) පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ එවැනි ගිණුම් තහනම් කිරීමට මහ බැංකුවට හැකියාවක් පවතින බවය.

“ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ගලා එන ක්ෂේත්‍ර ගැන අපි සලකා බලනකොට ඉතාමත්ම ඉහළින් තිබෙන ක්ෂේත්‍රයක් තමයි ප්‍රේෂණ. අමෙරිකානු ඩොලර් බිලියන 7ක් පමණ මුදලක් වසරකට එවනු ලැබුවා. අපි දැක්කා පසුගිය මාසය තුළදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 300ක් පමණ අඩු වීමක් සිදු වෙලා තිබෙනවා. විවිධ ක්‍රමවේද ඔස්සේ මුදල් හුවමාරුකර ගන්නා නිසා. රුපියල් 200ක විතර තිබෙන එක්ස්චේන්ජ් රේට් එක රුපියල් 240කින් පමණ සමහර තැන්වලදී ගෙවන බව අපට දැනෙනවා. අමෙරිකානු ඩොලර් මිලියන 300ක් කියලා කියන්නේ මෙහෙ රුපියල් බිලියන 72ක් බෙදා හරින්නට අවශ්‍යයි. කොටි 7,200ක් මේ රටේ බෙදා හරින්ට අවශ්‍යයි. එහෙම බෙදා හරිනවා නම් මේ සල්ලි කොහෙන්ද?. වැඩි ප්‍රමාණයක් කුඩු ජාවාරම් වලින් වෙන්න පුලුවන්. මනි ලොන්ඩරින් නීතිය යටතේ යම්කිසි පුද්ගලයෙක්, මුදල් හේතුවක් නැතුව වෙනත් කෙනෙකුගේ ගිණුමකට දානවා නම් මුදල්වලින් ලබා දෙනවා නම්, ඒ පිළිබඳ අපි සොයලා බලනවා. එවැනි ගිණුම් තහනම් කරන්නටත් මහ බැංකුවට පුලුවන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img