Thursday, July 2, 2026
HomeNEWSLatest Newsසැලසුම් විතරක්ම වැඩක්නෑ, ඒවා මහ පොළවේ ක්‍රියාත්මක කරන්න.- නැගෙනහිර ආණ්ඩුකාරවරිය පළාත් සංචාරක...

සැලසුම් විතරක්ම වැඩක්නෑ, ඒවා මහ පොළවේ ක්‍රියාත්මක කරන්න.- නැගෙනහිර ආණ්ඩුකාරවරිය පළාත් සංචාරක කාර්යංශයට කියයි.

සැලසුම් විතරක්ම වැඩක්නෑ, ඒවා මහ පොළවේ ක්‍රියාත්මක කරන්න.- නැගෙනහිර ආණ්ඩුකාරවරිය පළාත් සංචාරක කාර්යංශයට කියයි.

සැලසුම් සැකසීම වෙනුවට එම සැලසුම් මහ පොළවේ ක්‍රියාත්මක වන යථාර්තයක් බවට පත් කළ යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

සැලසුම් වලට පමණක් සිමා වු රජයේ වැඩපිළිවෙල වත්මන් ආණ්ඩුවේ කිසිවිටෙකත් දක්නට නොමැති බව ද ආණ්ඩුකාරවරිය කීවාය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි පළාත් සංචාරක කාර්යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් ආණ්ඩුකාරවරිය පසුගියදා මේ බව කියා සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේ පැවසුවාය.

“අපේ පළාතේ සංචාරක කර්මාන්තය අභිමානවත් සංචාරක  ප්‍රදේශයක් ලෙස දියුණු කළ යුතුයි.විදේශිය මෙන්ම දේශිය සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි. සමහර ස්ථානවල දේශිය සංචාරකයින්ට භාවිතා කිරිම සඳහා වැසිකිළි කැසිකිළිවත් නෑ. අපි ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. ඉතා කඩිනමින් සංචාරක කලාප වල පහසුකම් නංවාලීමට අවශ්‍ය වැඩපිළිවෙල සිදු කළ යුතුයි. කොවිඩ් නිසා අපේ පළාතේ විතරක් නෙමෙයි රටේම සංචාරක ක්ෂේත්‍රය කඩන් වැටුණා. එය නැවත නංවාලීමට රජය ස්ථීරසාර වැඩපිළිවෙලක් සකසනවා. එසේම පළාතක් ලෙස අපිත් එම ක්ෂේත්‍රය නගා සිටුවීමට හැකි සෑම පියවරක්ම ගත යුතු” යැයි ද ආණ්ඩුකාරවරිය කීවාය.

මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, ආණ්ඩුකාර උපදේශක සෝමා කොටකදෙණිය, පළාත් සංචාරක කාර්යංශයේ සභාපති හැරී ප්‍රතාප් සහ එම කාර්යංශයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img