Monday, August 31, 2026
HomeNEWSසෑම දිස්ත්‍රික්කයකින්ම කොවිඩ් රෝගීන් හමුවෙයි

සෑම දිස්ත්‍රික්කයකින්ම කොවිඩ් රෝගීන් හමුවෙයි

කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 724 දෙනෙකු ඊයේ (23) දිනයේ අලුතින් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය. 

එම ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 197කි. 

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 106 ක් ද හඳුනාගෙන තිබේ.

අනෙක් ආසාදිතයින් 311 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

ඒ අනුව ගතවු පැය 24 තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබේ.

මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වු සමස්ත රෝගීන් සංඛ්‍යාව 57,586 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් පුද්ගලයින් 49,260 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 8,046 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

කොවිඩ් – 19 ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 280 ක් දක්වා ද ඉහළගොස් තිබේ.

නව කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින් දැක්වේ,

කොළඹ  – 197
මහනුවර  – 110
ගම්පහ  – 106
කුරුණෑගල – 40
ගාල්ල – 38
රත්නපුර  – 31
කළුතර  – 28
මාතලේ – 27
කෑගල්ල – 24
මාතර – 22
පුත්තලම – 21
මන්නාරම – 15
අම්පාර – 13
හම්බන්තොට  – 12
වව්නියාව – 9
නුවරඑළිය – 7
පොළොන්නරුව – 7
බදුල්ල – 4
යාපනය – 4
ත්‍රීකුණාමලය – 3
මොනරාගල – 2
කිලිනොච්චිය – 1
මුලතිව් – 1
මඩකලපුව – 1
අනුරාධපුරය – 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරානයේ ලාරක් දූපත ඉලක්ක කරගෙන ඇමෙරිකානු ප්‍රහාර

ලාරක් දූපතේ ඉරාන මිසයිල දියත් කරන ස්ථාන දෙකක් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් මියගොස්...

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img