Friday, July 17, 2026
HomeNEWSසිංගප්පූරුවේ සිට පැමිණි විගස සජිත් උපවාසයේ නිරත ගුරු සංවර්ධන නිලධාරීන් වෙත යයි

සිංගප්පූරුවේ සිට පැමිණි විගස සජිත් උපවාසයේ නිරත ගුරු සංවර්ධන නිලධාරීන් වෙත යයි

*වත්මන් රජය අධ්‍යාපනයත් විනාශ කරලා ගුරු සංවර්ධන නිලධාරීන්ද අනාථ කරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*ගුරු සංවර්ධන නිලධාරීන්ගෙ ස්ථිර ගුරු පත්වීමේ ගැටලුව අලුත් මාතෘකාවක් නොවන බවත් රජය මෙන් කයිවාරු නොගහ එදා සිට ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විපක්ෂය පෙනී සිටි බවත් මේ ගැටලුව ආංශික අධීක්ෂණ කාරක සභාවට පවා ගෙන ගිය බරපතළ ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.අද රටේ ඇත්තේ පැය 24 ම බොරු කියන රජයක් බවත් මේ බොරුකාර ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරු මැතිවරණ සමයේ මේ උපාධිධාරීන්ට පොරොන්දුවක් දුන් බවත් මේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන් වසර ගණනාවක් පුරා කොරෝනා සමයේ රට බංකොලොත් සමයේ නිදහස් අධ්‍යාපනයේ ගුරු හිඟය මග හරවා ගන්න කටයුතු කළ බවත් එදා 22000ක් සිට්යත් අද එය 16000ට අඩුවී ඇති බවත් රජයේ මැති ඇමතිවරු මොවුන් අතරමං කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසයක නිරතව සිටින ගුරු සංවර්ධන නිලධාරීන් හමුවීමට අද එම ස්ථානයට ගිය අවස්ථාවේදීය.*මේක රජය මගහැරි තවත් බොරු පොරොන්දුවක් බවත් මොවුන්ට මාරාන්තික උපවාස තියන්න අවශ්‍ය නොවන බවත් මොවුන්ට රැකියා දෙන්න හැකියාව පවතින බවත් මොවුන් අතර නියෝජ්‍ය විදුහල්පතිවරු පවා සිටින නිසා මොවුන්ව බදවා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.මේ ගුරු සංවර්ධන නිලධාරීන් රට වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් සිදු කර ඇති නිසා මොවුන්ව රවටන්නේ නැතිව දැන්වත් පොරොන්දු වූ ආකාරයට මොවුන්ට රැකියා ලබා දී පොරොන්දු ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මීට අමතරව රැකියා විරහිත උපාධිධාරීන් 35000ක් සිටියත් මොවුන්ට රැකියා ලබා දෙන ලෙස පැවසුවත් මොවුන්ද රවටා ඇති බවත් එම නිසා මොවුන්ට කෙලෙහිගුණ දක්වා මොවුන්ට රැකියා ලබා දෙන ලෙසත් ⁣වත්මන් රජය රටේ අධ්‍යාපනය විනාශ කරා සේ මොවුන්ද විනාශ කරන්න යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.සමගි ජන බලවේගය බලයට පැමිණියහොත් මේ ගැටලුව කඩිනමින් විසඳන බවත් රජයේ වගකීම වන්නේ පොරොන්දු ක්‍රියාත්මක කිරීම බවත් බලයට පැමිණි පසු පොරොන්දු කඩ කිරීම අනුමත කළ නොහැකි බවත් පච දේශපාලනය දැන්වත් නැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.https://youtu.be/iPSeQqpRCWc?si=7kydpn1aSuhryEfr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img