Wednesday, November 11, 2026
HomeNEWSසියලුම කාර්යමණ්ඩල කැඳවීම ගැන සෞඛ්‍ය වෘත්තීය සමිතිවල විරෝධය

සියලුම කාර්යමණ්ඩල කැඳවීම ගැන සෞඛ්‍ය වෘත්තීය සමිතිවල විරෝධය

වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයෑමක් පෙන්නුම් කෙරෙන මොහොතක සෞඛ්‍ය අංශ සේවකයින්ද සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම විශාල අවදානමක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා අද (02) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රෝහල් තුළ ඇඳන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින බවය.

“කළුබෝවිල රෝහලේ රෝගීන් 230ක් හිටියා. දැන් 146ක්. අම්පාරේ හාඩි එකේ රෝගීන් 315ක් ඉන්නවා. මීරිගම රෝහලේ ඇඳන් තියෙන්නේ 30යි. රෝගීන් 65ක් ඉන්නවා. මාතලේ රෝහලේ රෝගීන් 310ක්. වැලිසර රෝහලේ ඇඳන් 46යි රෝගීන් 73යි. රාගම රෝහලේ රෝගීන් 478ක්. ලංකාවේ ප්‍රධානතම රෝහල ජාතික රෝහල. ඒකෙ කොරෝනා රෝගීන් 400ක් ඇතුළේ තියාගෙන ඉන්නවා. රෝගීන්ගේ ජීවිතත් අවදානම්. කාර්යමණ්ඩල ජීවිතත් අවදානම්. මෙහෙම තත්ත්වයක් තියෙද්දි ගර්භණී අයයි සියලුම අයයි සෞඛ්‍ය සේවාවට කැඳවන්න කියලා කියන්නේ. කරුණාකරලා මේ චක්‍රලේඛය අවලංගු කරන්න කියන බලපෑම අපි කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img