Tuesday, August 25, 2026
HomeNEWSසියලු අදහස්වලට උත්තර දීමට යාමෙන් වැඩ කිරීමට ඇති කාලය අපතේ ...විවේචන සාධාරණව...

සියලු අදහස්වලට උත්තර දීමට යාමෙන් වැඩ කිරීමට ඇති කාලය අපතේ …විවේචන සාධාරණව සලකා ස්වකීය බුද්ධියෙන් රට මෙහෙයවන්න ….තැබූ විශ්වාසයේ අඩුවක් නැහැ,සෑමවිටම ආශිර්වාද කරනවා ….

සියලු අදහස්වලට උත්තර දීමට යාමෙන් වැඩ කිරීමට ඇති කාලය අපතේ …විවේචන සාධාරණව සලකා ස්වකීය බුද්ධියෙන් රට මෙහෙයවන්න ….තැබූ විශ්වාසයේ අඩුවක් නැහැ,සෑමවිටම ආශිර්වාද කරනවා ….

සියලුදෙනාගේ, සියලු අදහස්වලට උත්තර දීමට යාමෙන් වැඩ කිරීමට ඇති වටිනා කාලය අපතේ යයි. අවශ්‍ය වන්නේ විවේචන සාධාරණව සලකා බලා ස්වකීය බුද්ධියෙන් රට මෙහෙයවීම බව බෞද්ධ උපදේශක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පෙන්වා දෙයි.

ඇතමුන් කුමක් ප්‍රකාශ කළද මහා සංඝරත්නය සහ ජනතාව ජනාධිපතිතුමා කෙරෙහි නොමඳ විශ්වාසයක් තබා ඇති බව මහා සංඝරත්නය සඳහන් කරති.

අද (12) පස්වරුවේ 08 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ බෞද්ධ උපදේශක සභාවේ දී මේ බව සඳහන් කෙරිණ.

තාන්‍න, මාන්න නොලැබුණ අයගේ වෛරී අදහස්වලින් ජනතාව පීඩාවට පත්ව සිටිති. ආණ්ඩුව පිළිබඳව නොයෙකුත් පාර්ශ්ව එල්ල කරන පදනම් විරහිත චෝදනා සහ අපහාසවලින් අධෛර්මත් නොවිය යුතුය. ඉතිරිව ඇති වසර තුන හමාරකට අධික ධූර කාලය තුළ ද ප්‍රතිපත්තිගරුකව රට පාලනය කරන ලෙස මහා සංඝරත්නය ජනාධිපතිතුමාට කියා සිටියහ.

මූලධර්මවාදීන්ගේ වත්මන් ක්‍රියාකලාපය බෞද්ධ උපදේශක සභාවේ විශේෂ අවධානයට ලක් විය. එදා ඔවුන්ගේ  ග්‍රහණයට හසු කරගනු ලැබුවේ අසරණ දුප්පත් ජනතාවයි.  වර්තමානයේ ධනවතුන්, බලවතුන්, ප්‍රසිද්ධ කලාකරුවන් සහ දේශපාලන නායකයන් පවා මූලධර්මවාදීන්ගේ ගොදුරු බවට පත්ව සිටීම දැඩි කණස්සලයට කරුණක් බව මහා සංඝරත්නය සඳහන් කළහ. කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක නියෝජ්‍ය විදුහල්පතිවරියක් ශිෂ්‍යාවන්, දෙමාපියන් ඇතුළු පිරිස් බලහත්කාරයෙන් මොවුන්ගේ ග්‍රහණයට ගොදුරු කිරීමේ ප්‍රයත්නයක් සිදුව ඇති බව පෙන්වා දෙනු ලැබිණ.

තානාපති සේවය ඇතුළු තනතුරුවලට පත්කීරිමේදී ජනාධිපතිතුමා ගෙන යන ක්‍රියාදාමයට පැසසුම් කළ මහා සංඝරත්නය විශ්‍රාම යන අයට විවේක ගන්නා ස්ථානයක් බවට තානාපති සේවය පත් නොවිය යුතු බව පෙන්වා දුන්හ. මියන්මාරය, තායිලන්තය වැනි රටවලට පත් කෙරෙන තානාපතිවරු පන්සිල් රකින, දර්ශනයක් සහිත පුද්ගලයන් විය යුතු බව උන්වහන්සේ කියා සිටියහ. 

බුද්ධ චරිතය, බෞද්ධ දර්ශනය, පුරාවිද්‍යාත්මක හා පෞරාණික ස්ථානවලට දෙන වැරදි අර්ථ කථන නතර කිරීමේ අවශ්‍යතාව ද මහා සංඝරත්නය අවධාරණය කළහ. ඒ සඳහා බෞද්ධ ග්‍රන්ථ සහ ප්‍රකාශන නියාමන පනත සක්‍රීය කළයුතුය. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය සක්‍රීය කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙනු ලැබිණ. 

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මීට එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පේරාදෙණිය සරසවිය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත වරක් ජාත්‍යන්තර වශයෙන් සිය අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ටත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ...

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර...

තැන තැන සිදුවන මාරක අනතුරු

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (23)  එම අනතුරු සිදුව තිබුණේ උහන, නුවරඑළිය, වීරඹුගෙදර සහ හබරාදූව යන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img