Friday, September 4, 2026
HomeNEWSසිරකරුවන් ගැන වගකීමක් නැත්නම් බහලුම් ගැන වග කියන්නේ කොහොමද? විපක්ෂ නායක සජිත්.

සිරකරුවන් ගැන වගකීමක් නැත්නම් බහලුම් ගැන වග කියන්නේ කොහොමද? විපක්ෂ නායක සජිත්.

*ජනතාවට බොරු කරන්න එපා. පොරොන්දු වූ ක්‍රමයේ වෙනස ඇති කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*වත්මන් රජය ක්‍රමයේ වෙනසක් ඇති කරන බවට පොරොන්දු වුවත් අද වන විට ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රමයේ වෙනසක් සිදු නොවී ඇති බවත් ජනාධිපතිවරයා පවා නොදැන, අදාළ වගකිව යුත්තන් නොදැන සිරකරුවන් නිදහස් වන බවත් වරායෙන් රතු ලේබල් කන්ටේනර් 323ක් පවා නිදහස් වී ඇති බවත් කිසිම තැනක ක්‍රමයේ වෙනසක් සිදු නොවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.ජනාධිපති සමාව යටතේ නිදහස්වන සිරකරුවන් ගැන ජනාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරින් නොදන්නේ නම් බහලුම් ගැන වගකියන්නේ කෙසේද කියා සිතාගත නොහැකි බවත් රතු ලේබල් කන්ටේනර් 323ක් නොදැන ද නිදහස් වූයේ ද කියා ගැටලුවක් ඇති බවත් මේ කන්ටේනර්වල ඇති භාණ්ඩවලට වගකියන්නේ කවුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.අයවැය තුළින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීම් පොලි වැඩි කිරීමද සිදු නොවූ බවත් සෑම රජයක්ම 15%ක ඉතිරි කිරීමේ පොලියක් දුන්නත් අද එය අහිමි වී ඇති බවත් එතැනත් ක්‍රමයේ වෙනසක් සිදු නොවී ඇති බවත් බොරුව වංචාව ඇන්දවිල්ල මුලාව අදටත් ක්‍රියාත්මක බවත් ක්‍රමයේ කිසිදු වෙනසක් සිදු නොවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.එබැවින් ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස මෙය නොවන බවත් දැන්වත් රටේ ජනතාව මංමුලා නොකර සිටින ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.https://youtu.be/r2jrTr2u770?si=Z-qYMkYGJO8XOgXD

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img