Sunday, November 8, 2026
HomeNEWSසිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ -සජිත්

සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ -සජිත්

රන්ජන් රාමනායක මහතා යනු කිසිවෙකුට සිය ආත්මය පාවා නොදුන් සත්‍යවාදී ජනතා නියෝජිතයකු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (22) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේ දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

“අද දවසේත් මේ මානව හිතවාදියා සිරගතව සිටිනවා. බලපතළ අසාධාරණයක්. අපි හැමෝම බරපතළ දුකකට මුහුණදෙනවා. රන්ජන් රාමනායක කියන්නේ මිනීමරුවෙක්, ස්ත්‍රී දුෂකයෙක්, ළමා අපචාරකරුවෙක්, බැංකු මංකොල්ලකරුවෙක් නෙමෙයි. රට දැය වෙනුවෙන් තමන් සිතන සත්‍ය එළිපිටම නිර්භීතව ප්‍රකාශ කරපු, තමන්ගේ මුළු ධනස්කන්ධයම ජනතා සුබ සිද්ධිය උදෙසා කැපකළ මානව හිතවාදියෙක්. එතුමා කිසිම දවසක ඩීල් දේශපාලනයේ නියැලුණේ නෑ. සිරගතව සිටියත් එතුමාගේ ආත්මය පාවා නොදෙන, තමන්ට ජනතාව ලබාදුන් ජනවරම පාවා නොදුන්න උතුම් මානව හිතවාදියෙක්. මට මතකයි රන්ජන්ගේ එක් ප්‍රකාශයක්.”උන් ඔක්කොම යාළුවෝ මල්ලි”යන ප්‍රකාශය. නමුත් රන්ජන් රාමනායක මැතිතුමා උන්ගේ හිතවතකේ නොවුණ නිසා අදට හිරේ ඉන්නවා. මේක තමා සත්‍ය කතාව. කිහිපවතාවක් අපි ඉදිරිපත් කළා මෙතුමාගේ නිදහස තහවුරු කරන්න කියා. නිකන් නිදහස නෙමෙයි පූර්ණ නිදහස. නමුත් අදටත් එය සිදුව නෑ. නැවතත් කියනවා මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඇතුළුව පුර්ණ නිදහස ලබාදීමට කටයුතු කරන්න. කරුණා කරලා රන්ජන් රාමනායක මහතා ඩීල් දේශපාලනයේ නියැලෙන්නේ නැති අයෙක් බව හැමෝම අවබෝධ කරගත්තොත් හොඳයි. ඒ නිසා එතුමාට ලබාදෙන නිදහස කොන්දේසි විරහිත නිදහසක් වියයුතුමයි කියන එක අදාළ බලධාරීන්ට කියන්න කැමතියි. අපි නිරතුරුවම රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සටනේ සිටිනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img