Sunday, November 8, 2026
HomeNEWSසීතා අරඹේපොළ මන්ත්‍රී ධූරය ගැන අද දෙරණට කියූ කතාව

සීතා අරඹේපොළ මන්ත්‍රී ධූරය ගැන අද දෙරණට කියූ කතාව

මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන ලෙස තමාට කිසිදු පාර්ශවයක් ඉල්ලීම් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පවසන්නීය.

එමෙන්ම මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට තමන්ට පෞද්ගලිකව අවශ්‍යතාවක් නොමැති බවද ඇය සඳහන් කළාය.

සීතා අරඹේපොළ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බවට පැතිර යන වාර්තා පිළිබඳව “අද දෙරණ” කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය මේ බව කියාසිටියාය.

මන්ත්‍රීවරිය එම ධුරයෙන් ඉල්ලා අස්වී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව සලසා දෙන බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී ඇය සඳහන් කළේ, තමාගේ පෞද්ගලික අවශ්‍යතාවක් මත මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුන ද හිස් වු මන්ත්‍රී ධූරය සඳහා පත්කරනු ලබන පුද්ගලයා සම්බන්ධයෙන් තීරණය කරුණු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය බවය.

ඒ සඳහා තමාට බලපෑම් කිරීමට ද කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද සීතා අරඹේපොළ මහත්මිය “අද දෙරණ” කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img