Thursday, July 2, 2026
HomeNEWSLatest Newsසුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය ගැටළු ජනපති අවධානයට ...

සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය ගැටළු ජනපති අවධානයට …

සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය ගැටළු ජනපති අවධානයට …


සුරාබදු දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින වෘත්තීය ගැටළුවලට කඩිනම් විසඳුම් දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි. 

සේවා ව්‍යවස්ථාව කඩිනම් කිරීමට, බඳවා ගැනීම් සහ උසස්විම් සම්බන්ධ ගැටළුවලට ආයතන මට්ටමින් විසඳුම් සෙවීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. 

 ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව සමග අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ගැටළු විමර්ශනය කොට පිළියම් හඳුනා ගැනීම සිදු විය. 

උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ තෝරාගනු ලබන අභ්‍යාසලාභීන් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා යොමු කිරීම කෙරෙහි ද ජනාධිපතිතුමා අවධානය යොමු කළේය. 

දීර්ඝ කාලයක සිට එකම තනතුරේ සේවය කරන නිලධාරීන් සඳහා උසස්වීම් පටිපාටියක්  හඳුන්වාදීම සහ රාජකාරී ඉටු කිරීමේදී භෞතික සම්පත්වල ඌනතාවට පිළියම් සෙවීම ගැනද සාකච්ඡා කෙරිණ. 

පහළ තනතුරු සදහා බඳවා ගැනීමේ දී නිපුණතාවක් නැති අඩු ආදායම්ලාභී පිරිසට අවස්ථාව හිමිවන අයුරින් ප්‍රතිපාදන සැකසීමට  පියවර ගන්නැයි ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. 

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර් ආටිගල,  සුරා බදු කොමසාරිස් ඒ. බෝදරගම යන මහත්වරු ඇතුළු නිලධාරීහූ හා වෘත්තීය සමිති නියෝජිතයෝ සාකච්ඡාවට එක් ව සිටියහ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img