Thursday, November 12, 2026
HomeNEWSසුවසැරිය ට ප්‍රහාරයක්

සුවසැරිය ට ප්‍රහාරයක්

සුවසැරිය ට ප්‍රහාරයක්

හැටන් ප්‍රදේශයේ 1990 සුව සැරිය ගිලන්රථ රියදුරෙකුට සහ එහි සේවිකාවකට පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

එම පහරදීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලීසිය පවසයි.

කුඩාගම, ආගිල් ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින සංචාරක නිකේතනයක සේවකයෙක් “බැල්කනියෙන්” බිමට වැටී ඇතැයි අද (22) අලුයම 2ට පමණ 1990 ගිලන්රථ සේවයට දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

ඒ අනුව ගිලන්රථය අදාළ ස්ථානයට ගොස් ඇති අතර, බිමට වැටුණේයැයි පැවසෙන සේවකයාට කිසිදු තුවාලයක් හෝ එවැනි සිදුවීමක් පිළිබඳ කරුණු අනාවරණය නොවීම හේතුවෙන් ගිලන්රථ රියදුරු හා එහි සේවිකාව විසින් අදාළ සේවකයා රෝහල්ගත කිරීමට අවශ්‍ය නොවන බව සඳහන් කර ඇත.

එහිදී අදාළ සේවකයා අසල බීමතින් සිටි පිරිසක් ගිලන්රථ රියදුරු ට,  එහි සේවිකාවට හා ගිලන්රථයට පහර දී ඇතැයි දිඹුල පතන පොලීසිය සඳහන් කරයි.

සිදුවීම සැල වු වහාම පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අධික ලෙස බීමතින් සිටි නිසාවෙන් කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ද පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img