ළමා මන්දපෝෂණය ගැන සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් වැඩ තහනමට ලක්වූ වෛද්‍ය චමල් සංජීව මහතා ගොනු කළ පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබාදී තිබේ.
හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ළමා මන්දපෝෂණය පවතින බවට වෛද්‍ය චමල් සංජීව මහතා විසින් සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත් බව ඔහු සිය පෙත්සමෙන් පැවසීය.
එම තීරණය තුළින් තම මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දියක් අය කරදෙන ලෙසත් ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සම්මේලනයේ සභාපති, වෛද්‍ය චමල් සංජීව මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබූ අතර ඊට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබාදුනි.
මෙම පෙත්සම අද (01) බුවනෙක අලවිහාරේ,
ගාමිණි අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.






















