Thursday, September 17, 2026
HomeNEWSසෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ප්‍රධාන අංශ 3ක් යටතේ පුළුල් වැඩපිළිවෙළක් - ජනපති

සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ප්‍රධාන අංශ 3ක් යටතේ පුළුල් වැඩපිළිවෙළක් – ජනපති

රටේ සියලු පුරවැසියන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් ලබාදීම වෙනුවෙන් ප්‍රධාන අංශ තුනක් යටතේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (16) අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවීන හෘද ප්‍රතිකාර සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ජනතාවට සමීප කිරීම, ලෝකයේ දියුණුතම උපකරණ සහ වෛද්‍ය ක්‍රම හඳුන්වාදීම සහ විධිමත් කළමනාකරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන යටතේ සෞඛ්‍ය සේවාව නගාසිටුවන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සැලකිය යුතු කාලයකට පසු රටේ සෞඛ්‍ය සේවාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය මානව සම්පත මේ වන විට වර්ධනය කරමින් ඇති බවද ඔහු සඳහන් කළේය.

අනුරාධපුර රෝහල සංවර්ධනය සඳහා රුපියල් මිලියන 19,000ක පමණ ව්‍යාපෘති 2027 සහ 2028 වසරවලදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මේ වන විට ක්‍රියාත්මක වන ව්‍යාපෘති සමඟ අනුරාධපුර රෝහල වෙනුවෙන් රුපියල් මිලියන 34,000කට ආසන්න දැවැන්ත ආයෝජනයක් වැය කෙරෙනු ඇත.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ ණය ආධාර යටතේ රුපියල් මිලියන 3,545ක වියදමින් මහල් 08කින් සමන්විතව ඉදි කෙරෙන නවීන හෘද ප්‍රතිකාර සංකීර්ණය මාස 18කින් සාර්ථකව නිමා කර ජනතාවට ලබා දීමට නියමිතය.

අතිනවීන හෘද දැඩි සත්කාර ඒකක, කැතීටර් පරීක්ෂණාගාර (Catheterization Labs), විශේෂිත සායන සහ වාට්ටු සංකීර්ණ රැසකින් මෙම අනුරාධපුර හෘද ප්‍රතිකාර සංකීර්ණය සමන්විත වේ.

පසුගිය කාලයේ වෛද්‍යවරුන් බඳවා ගැනීම් ප්‍රමාද වී තිබුණද, වර්තමාන රජය යටතේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාස 3ක් ඇතුළත වෛද්‍යවරුන් 3,000ක් පළමු සීමාවසික පුහුණුව සඳහා බඳවාගෙන ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව දන්ත වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන් සඳහාද අවශ්‍ය නව බඳවා ගැනීම් රාශියක් මේ වන විට සිදු කරමින් පවතී.

පසුගිය ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් හමුවේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීම නිසා සිදුවූ මූල්‍යමය හානිය පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඉදිරි සංවර්ධන කටයුතු විධිමත් කළමනාකරණයකින් යුතුව නියමිත කාලය තුළ නිම කිරීමට වගකුම් සහිතව කටයුතු කරන බවද වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතයට යුරෝපීය සංගමයෙන් අලුත් යෝජනාවක්

යුරෝපීය කොමිසමේ සභාපතිනී ඌර්සුලා ෆොන් ඩර් ලේයන් (Ursula von der Leyen) විසින් ළමයින්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අවුරුදු 13ට...

අමෙරිකානු තානාපති සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

මෙරට අමෙරිකානු තානාපති එරික් මයර්  මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා අතර ප්‍රථම නිල හමුව පවත්වා තිබේ. එහිදී, වර්ධනය වෙමින්...

අගමැති – FUTA සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග පැවැති සාකච්ඡාවෙන්ද කිසිඳු විසඳුමකට එළඹීමට නොහැකි වූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA)...

ස්ථාන මාරු පිළිනොගත් ජාතික පාසල් ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ග

ස්ථාන මාරු නියෝග පිළිනොගෙන කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික පාසල්හි සේවය කරන ගුරුවරුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img