Friday, September 11, 2026
HomeNEWSසෞඛ්‍ය, විශ්වවිද්‍යාල ඇතුළු ක්ෂේත්‍රවල වර්ජන ක්‍රියාමාර්ග තවදුරටත්

සෞඛ්‍ය, විශ්වවිද්‍යාල ඇතුළු ක්ෂේත්‍රවල වර්ජන ක්‍රියාමාර්ග තවදුරටත්

‍සැලසුම් කළ පරිදි අද (14) දිනය තුළ වර්ජනයේ නිරත වන බව වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, ජනාධිපති ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග ඊයේ (13) රාත්‍රී පැවැත් වූ සාකච්ඡාවල ප්‍රගතියක් පැවතිය ද වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට තරම් එය ප්‍රමාණවත් නොවන බවය.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුර, උතුරු මැද සහ ඌව පළාත්වල රෝහල්වල අද දිනය තුළ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.

මේ අතර අදාළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවසන් තීරණයක් නොලැබුණු බැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා ඊයේ රාත්‍රී ප්‍රකාශ කළේය.

ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා ප්‍රකාශ කළේ, බැංකු සේවකයින් අද දහවල් ලේක්හවුස් වටරවුමේ සහ ප්‍රධාන නගරවල විරෝධතාවක නිරත වන බවය.

මේ අතර 15 වනදා සිට වර්ජනයක නිරත වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img