සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමඟ සාකච්ඡාවක් ලබාදීමට එකඟතාව පලකිරීමත් සමඟ සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි.දීමනා ගැටලුවක් මුල්කර ගනිමින් මේවන විට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට (15) පෙරවරු 06.30 අවසන් කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.පවතින ගැටලුව සාකච්ඡා කිරීම සඳහා සාකච්ඡාවක් ලබා දෙන බව ලිඛිතව සෞඛ්‍ය ලේකම්වරයා විසින් ලබාදීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කරන බව පැවසීය.වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා සෞඛ්‍ය වෘත්තීයවේදීන් 72ක් එක්ව සිටියේය.






















