Monday, August 31, 2026
HomeNEWSසෞඛ්‍ය ඇමතිවරියටත් කොවිඩ් ?

සෞඛ්‍ය ඇමතිවරියටත් කොවිඩ් ?

සෞඛ්‍ය ඇමතිවරියටත් කොවිඩ් ?

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව බී.බී.සී සිංහල සේවය පවසයි.

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග පැවසු බව එම පුවත් සේවය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් සිදුකරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිවෙස් නිරෝධායනයවීමට තීරණයකර ඇති බව ද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් විමසීමට ‘අද දෙරණ’ සෞඛ්‍ය අමාත්‍යවරියව සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.

අමාත්‍යවරියගේ ආරක්ෂක අංශ සඳහන් කළේ එවැනි සිදුවීමක්  පිළිබඳ මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවය. 

‘අද දෙරණ’ මේ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතාගෙන්ද විමසා සිටි අතර ඔහු සඳහන් කළේ එවැනි සිදුවීමක් පිළිබඳව මෙතෙක් තමාද නොදැනුවත් බවය.

මේ වනවිට මැති ඇමතිවරුන් තිදෙනෙකු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගැණුනි.

අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්මේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඒ අතර වේ.

ඔවුන් සියලුදෙනා තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවට නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.

ඉරානයේ ලාරක් දූපත ඉලක්ක කරගෙන ඇමෙරිකානු ප්‍රහාර

ලාරක් දූපතේ ඉරාන මිසයිල දියත් කරන ස්ථාන දෙකක් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් මියගොස්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img