Saturday, September 19, 2026
HomeNEWSසෞදියේදී ශ්‍රීලාංකිකයෙකුට මරණ දඬුවම නියම වීමේ ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින්...

සෞදියේදී ශ්‍රීලාංකිකයෙකුට මරණ දඬුවම නියම වීමේ ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය පවසයි

ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ.

සෞදි අරාබියේ සේවය කරමින් සිටි අම්පාර ප්‍රදේශයේ පදිංචි සිවරාජා අනෝජන් නමැති තරුණයෙකු විසින් ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වසර 5ක සිර දඬුවම් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා ප්‍රකාශ කළේ, රජයේ මැදිහත් වීමෙන් සිදුකළ අභියාචනයකදී එම දඬුවම, මරණ දඬුවම දක්වා තීව්‍ර වී ඇති බවය.

මේ අතර, දඬුවම් නියම වූ සිවරාජා අනෝජන්ගේ මව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තම පුතු මරණ දඬුවමින් මුදාගන්නා ලෙසය.

එහිදී අදහස් දැක්වූ සිවරාජා අනෝජන්ගේ මව,
”මගේ පුතා වැරැද්දක් තමයි කළේ. ඒකට සමාව දීලා මගේ පුතා මට ගෙනත් දෙන්න. ගොඩක් දුක් විඳලයි මම පුතාව ලොකු මහත් කළේ. ජනාධිපතිතුමනි මට මගේ පුතා ගෙනත් දෙන්න.”

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවය.

රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය සමඟ එක්ව ඉදිරි කටයුතු සිදු කරන බවත්, සිවරාජා අනෝජන්ට අවශ්‍ය සියලුම සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවලට ඇමෙරිකාවෙන් 100%ක බද්දක්

රුසියාවට දැඩි සම්බාධක පැනවීමට ඉඩ සලසන පනත් කෙටුම්පතකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි. මෙමගින් චීනය ඇතුළු රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවල් සඳහා 100%...

22ක තුළින් රටේම ජනතාව සිරකරුවන් බවට පත්වෙනවා-විපක්ෂ නායක සජිත්

22 වැනි සංශෝධනය තුළින් රටේම ජනතාව පැලවත්තේ සිරකරුවන් බවට පත් කරන්න රජය උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය...

විදේශ රටවල තානාපති ප්‍රධානීන් නැගෙනහිර පළාතේ සංචාරයක

කොළඹ සිටින විදේශීය තානාපති කාර්යාල ප්‍රධානීන් උදෙසා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන සංචාරය අද...

24 වෙනිදා විරෝධතාවයට නායකත්වය දීමට දේශපාලන පක්ෂ රැසක එකඟතාවය

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානයේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ සියල්ලම එක් වේදිකාවක අසුන් ගනු ලැබීය. ශ්‍රී ලාංකේය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img