හම්බන්තොට ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අභිරහස් ලෙස ඝාතනය කර තිබේ.
ඊයේ (05) එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.
එම ඝාතනය රිය අනතුරකින් සිදුවූ බව පෙන්වා කරුණු වසංකිරීමට ගිය බවට පොලිස් පරීන්ෂණවලින් අනාවරණය වී තිබේ.
හම්බන්තොට, මාමඩල ප්‍රදේශයේ ගවයින් දෙදෙනෙකු රැගෙන යාමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ගව හිමියා සමග ඇතිකරගත් ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි මුලික විමර්ශනවලිදී අනාවරණය වී තිබේ.
හම්බන්තොට, මාමඩල ප්‍රදේශයේ රිය අනතුරකට ලක්ව අඟුණුකොළපැලැස්ස රෝහල් ගතකළ පුද්ගලයන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් ඇතිවූ සැකයකට අදාළව සිදුකළ විමර්ශනවලින් මෙම පුද්ගලයන් දෙදෙනා වෙඩිතබා ඝාතනය කර ඇතැයි අනාවරණය වී ඇත.
මොවුන්ව රෝහලට ඇතුළත් කිරීමේදී පැවසු ආකාරයේ රිය අනතුරක් මාමඩල – රත්නවීර පාලම අසල සිදුවී නැති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
මරණකරුවන් අම්බලන්තොට හා සූරියවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බවට අනාවරණය කරගෙන ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.






















