Saturday, August 15, 2026
HomeNEWS“හරිත” රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනපති ප්‍රධානත්වවයන්...

“හරිත” රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනපති ප්‍රධානත්වවයන්…

“හරිත”  රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරිණ.

කෘෂිකර්මාන්තයෙන් පෝෂිත මෙරට අතීත සෞභාග්‍යය යළි උදාකරණු පිණිස  ආගමික පසුබිමක් තුළ යහපත් කෘෂි ආර්ථිකයකට මග පෙන්වීම නාලිකාවේ ප්‍රධාන අරමුණයි. 

කෘෂි කර්මාන්තයෙන් ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම, නව කෘෂි තාක්ෂණවේදීය ක්‍රම සහ පුරාතනයේ පැවති උසස් කෘෂි තාක්ෂණික විධි නැවත ස්ථාපනය කිරීම, පාරිසරික සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම, වාරි හා ධීවර කර්මාන්ත ඇතුළු සෑම ක්ෂේත්‍රයන්ගෙන්ම ජනතාව දැනුමින් පෝෂණය කිරීම හරිත ටීවී තුළ අන්තර්ගත මූලික සංකල්ප වේ.

“හෙළවත්, හරවත්, හිතවත්” යන්න එහි තේමාවයි. “හරිත” රූපවාහිනී නාලිකාව ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන අධ්‍යාපන පාලක සභාව විසින් නිර්මාණය කොට ඇත. 

සෙත් පිරිත් සඡ්ජායනය මධ්‍යයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රූපවාහිනී මංගල විකාශය ආරම්භ විය.

ජනාධිපතිතුමා අතින් හරිත වෙබ් අඩවිය (www.harithatv.com) සහ තේමා ගීතය එළිදැක්විණ.

පැළ බෙදාදීම සංකේතවත් කරමින් පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියෝ ජනාධිපතිතුමා වෙත පැළයක් පිරිනැමූහ.

ඩයලොග් නාලික අංක 16 සහ PEO TV නාලිකා අංක 09 ඔස්සේ “හරිත” රූපවාහිනිය  ජනතාවට නැරඹිය හැකිය.

මහානායක, අනුනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරු, මැති ඇමතිවරු, තානාපතිවරු, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ රාජ්‍ය නිලධාරීහූ, ආරක්ෂක අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්… ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නැහැ

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතට ඔබ්බෙන් ඉන්දියන් සාගරය ආශ්‍රිතව අද (15) අලුයම 03.28 රිච්ටර් මාපාංක 7.7 ක ප්‍රබල භූ කම්පනයක්. ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නැහැ:...

සමුපකාර ව්‍යාපාරය සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි-ජනපති

සමුපකාර ව්‍යාපාරය වෙළෙඳපොළ තුළ සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේදී...

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img