Wednesday, June 3, 2026
HomeNEWSහරිත සමාජ ආර්ථිකයක් සඳහා සැලසුම් ජනපතිට ඉදිරිපත් කෙරේ

හරිත සමාජ ආර්ථිකයක් සඳහා සැලසුම් ජනපතිට ඉදිරිපත් කෙරේ

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් කළ මාර්ගගත සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත්කර තිබේ.

ජනාධිපති කාර්ය සාධක බලකායේ නියෝජිතයින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී අදාල සැලසුම් ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පොහොර භාවිතය, භූමිය, ජෛව විවිධත්වය, අපද්‍රව්‍ය කළමනාකරණය, වායු ගෝලය, කර්මාන්ත, පුනර්ජනනීය බලශක්තිය, නගර සහ පාරිසරික අධ්‍යාපනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ඇතිකර ගතයුතු ඉලක්ක සහිත සැලසුම් සකස් කිරීම ජනාධිපතිවරයා විසින් අදාල අමාත්‍යවරුන්ට පවරා තිබුණි.

ඒ අනුව එම අමාත්‍යංශ විසින් සිදුකළ පුළුල් අධ්‍යනයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කර තිබේ.

සංවේදී පරිසර කලාප හඳුනාගනිමින් වන ඝනත්වය වැඩිකිරීම සහ වන රක්ෂිත තුළ වන ආවරණය ඉහළ නැංවිම සඳහා හඳුනාගත් භූමිවල වන වගාවන් කඩිනම් කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුව ඇති බව සඳහන් විය.

මෙරට වන ආවරණය 2025 වසර වන විට සියයට 30 ක් දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කය වන අතර එය “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශයේද එය සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img