Wednesday, June 10, 2026
HomeNEWSහරීන් ඇමතිකමෙන් අයින් කරනවාද ?විමල් ජනපතිගෙන් අහයි.

හරීන් ඇමතිකමෙන් අයින් කරනවාද ?විමල් ජනපතිගෙන් අහයි.

හරීන් ප්‍රනාන්දු “ලංකාව ඉන්දියාවේ කොටසක්!” කියනවිට “ජනපති-රාජපක්ෂවරු-බලයට ඉව අල්ලන විපක්ෂ කල්ලි” කසාය බීපු ගොළුවන් වගේ දත කට පූට්ටු කරගෙන ඉන්නවා-ජානිපෙ නායක විමල් වීරවංශහරීන් ප්‍රනාන්දු සංචාරක අමාත්‍යවරයා ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකදී සිදුකරන ලද “ලංකාව ඉන්දියාවේ කොටසක්!” යන බරපතළ ප්‍රකාශය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, “රටේ ස්වෛරීත්වය රැක්කේ අපි” කියා පවසන රාජපක්ෂවරුන්, විපක්‍ෂ නායකවරයා ඇතුළු බලයට ඉව අල්ලන විපක්ෂයේ අනෙකුත් කල්ලි කණ්ඩායම් කසාය බිව් ගොළුවන් සේ දත කට පූට්ටු කරගෙන ඉන්නා බවත් ඉන් පෙනී යන්නේ, “ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු වහල්භාවය කොතරම් බරපතළ ලෙස එළාගෙන යනවාද? එයට මේ ආණ්ඩුව සහ බලයට ඉව අල්ලන විපක්ෂ කල්ලි කණ්ඩායම් කොතරම් දුරට අවනත වී තිබෙනවාද?” යන්න බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.අද(17) සවස පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජානිපෙ නායකවරයා මෙසේද සඳහන් කළේය.’ලංකාව ඉන්දියාවේ කොටසක්?’ “පසුගියදා ඉන්දියාවේදී සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා, ‘ලංකාව ඉන්දියාවේ කොටසක්!’ කියා. ඉන්දියාව තුළ රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකදී ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙකු ‘ලංකාව ඉන්දියාවේ කොටසක්!’ යැයි පැවසීම බරපතළ ප්‍රකාශයක්. නිවට, නියාලු විදියට මෝඩ හිනාවකුත් දාගෙන, මේ ප්‍රකාශය පමණක් නොවෙයි, ‘අපේ ගුවන්තොටුපළවල්, වරායවල් ආදී සියල්ලම අපි ඉන්දියාවට දෙනවා’ කියන එකයි එහිදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ.ශ්‍රී ලංකාව ඉන්දියාවට ඈඳලා දෙන්න “හොඳම වෙලාව” ඇවිල්ලා අමාත්‍යවරයෙකු යම් රටකට ගිහින් තමන්ගේ රට ඒ රටේ කොටසක් කියා කරන ප්‍රකාශය බරපතළ නැද්ද? එහෙම ප්‍රකාශයක් කරන්න සදාචාරාත්මක හා නෛතික බලයක් ඔහුට තිබෙනවාද? පාර්ලිමේන්තුව තුළ අපි මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන විට රටේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය සුරකින බවට දිවුරුම් දෙනවා. එය උල්ලංඝනය කරන්න කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බැහැ. දැන් මේ හරීන් ප්‍රනාන්දු කියන විදියට ‘ලංකාව ඉන්දියාවේ කොටසක්!’ නම් ශ්‍රී ලංකාව තවදුරටත් ස්වෛරී රාජ්‍යයක් නොවෙයි. අද මේ ආර්ථික අර්බුදය ඇතුළේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ඉන්දියාව හමුවේ පාවාදෙන එකයි මේ පාලක පැළැන්තිය කරන්නේ. ඒ වගේම මෙවැනි බරපතළ ප්‍රකාශයක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු කළාම ඒක ඇහුණේ නැහැ වගේ ඉඳීමයි බලයට ඉව අල්ලන විපක්ෂ කල්ලි කණ්ඩායම් කරන්නේ. හරීන් ප්‍රනාන්දුලා හිතනවා නම් ‘ආර්ථික අර්බුදයේ කරවටක් ගිලුණු සමාජය නිර්වින්දනය වෙලා. ශ්‍රී ලංකාව ඉන්දියාවට ඈඳලා දෙන්න මේ වෙලාව තමයි හොඳම වෙලාව’ කියලා ඒක එසේ වීමට අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ.හරීන් ප්‍රනාන්දුලා කරමින් ඉන්නා දේ…හරීන් ප්‍රනාන්දුගේ කටින් මේක එළියට පැන්නේ නිකම් නොවෙයි. එයා දන්නවා ඊළඟට සිදුවීමට නියමිත දේවල් ටික. මාර්තු මාසයේ එට්කා ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි. එට්කා ගිවිසුම අත්සන් කළාට පසුව ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකයට, රැකියා වෙළඳපොළට, වෙළඳාමට ඉන්දියානුවන්ට කිසිදු බාධාවකින් තොරව ඇතුළු වෙන්න පුළුවන්. එහෙම කාලයක් ගියාම මේ රට ඉන්දියානුවන් බහුතරයක් ඉන්න රටක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම අපේ ගුවන්තොටුපළවල්, වරායවල්, ටෙලිකොම්, විදුලි බල මණ්ඩලය ඇතුළු ආර්ථික මර්මස්ථාන සියල්ල ඉදිරියේදී ඉන්දියානු සමාගම් අතට යාමට නියමිතයි. ඒ වගේම ඉන්දියාව සමඟ බලශක්ති ඒකාබද්ධකරණයටත් පාර කැපෙමින් තිබෙනවා. හරීන් ප්‍රනාන්දුලා කරමින් ඉන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට පත්කිරීම තමයි. නිවට, නියාලු විදිහට මෝඩ හිනාවකුත් දාගෙන තමන් ඇතුළු පාලක නඩය කරමින් සිටින දේ තමයි ඔහු ඉන්දියාවේදී පැවසුවේ.”කසාය බීපු ගොළුවන්”රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිව යුතුයි, ‘මේ ප්‍රකාශය පිළිගන්නවාද? නැද්ද?’ කියා. වෙන රටක ජනාධිපතිවරයෙකු නම් තම රටේ අමාත්‍යවරයෙකු මෙවැනි ප්‍රකාශයක් කළාම පළමුවෙන්ම කරන්නේ ඒ ඇමතිවරයා අමාත්‍ය ධුරයෙන් නෙරපීම. නමුත් මේ ජනාධිපතිවරයා එහෙම කරයි කියලා අපි නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. විපක්‍ෂ නායකයාට, බලයට ඉව අල්ලන විපක්ෂයේ ගුස්පිකාරයන්ට මේක ඇහුණේ නැද්ද? මේකට වහාම ප්‍රතික්‍රියා දැක්විය යුතු නැද්ද? ආණ්ඩුවේ ඇමතිවරුන් මේ වගේ බරපතළ ප්‍රකාශ කරන විට බලයට ඉව අල්ලන විපක්ෂයේ කල්ලි කණ්ඩායම් නිහඬව ඉන්නවා කියන්නේ ඔවුන් ද ආණ්ඩුවේ මතය දරනවා කියන එක නොවෙයිද? මේ ගැන ආණ්ඩුවට කත් හදින පොහොට්ටුකාරයෝ ටිකවත් ‘හූම්’ ශබ්දයක් නඟන්නේ නැහැ. ‘රටේ ස්වෛරීත්වය අපි තමයි රැක්කේ’ කියන රාජපක්ෂලාත් ශබ්දයක් නැහැ. හරීන් ප්‍රනාන්දු, ‘ලංකාව ඉන්දියාවේ කොටසක්!’ කියනකොට මේ සියලුදෙනාම කසාය බීපු ගොළුවන් වගේ දත කට පූට්ටු කරගෙන ඉන්නවා. මේකෙන් පෙනෙන්නේ, ‘ඉන්දියානු වහල්භාවය කොතරම් බරපතළ විදියට එළාගෙන යනවාද? ඒකට මේ පරාධීන ආණ්ඩුව කොතරම් දුරකට අවනත වෙලාද?’ කියන එකයි.අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා,’මේ ප්‍රකාශය සුළු කොට තකන්න එපා! එය නිසි බරින් තේරුම් ගන්න. ඒ ප්‍රකාශයට පමණක් ලඝු නොවී, සැබෑ ලෙසම ලංකාව ඉන්දියාවේ පාට් එකක් බවට පත්කරන මෙහෙයුමට එරෙහි වන්න’ කියා.”මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ මතුගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සංජය කරවිට, කැස්බෑව නගර සභාවේ හිටපු මන්ත්‍රී රංජිත් පත්මසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)මාධ්‍ය ලේකම්,ජාතික නිදහස් පෙරමුණ2024-02-17

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img