ලංකා සම සමාජ පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ (92) අභාවප්‍රාප්ත වෙයි.-දීර්ඝ කාලයක් වාමාංශික දේශපාලන නායකයකු වශයෙන් දේශපාලන ක්ෂේත්රය තුළ කැපී පෙනෙන චරිතයක් වූ මහාචාර්ය තිස්ස විතාරණ, අමාත්‍යාංශ කිහිපයක්ම දැරූ අමාත්‍යවරයෙකි. ඊට අමතරව වෛද්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් සහ නවීන තාක්ෂණ විෂයන් සම්බන්ධයෙන්ද ඔහු සමාජය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ දේශපාලඥයෙකි.






















