පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්න ප්‍රධාන ආසන සංවිධායක ධූරය හිමිවී තිබේ. පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් අජිත් රාජපක්ෂ මහතාට එම සංවිධායක ධුරය පිරිනැමීය. මීට පෙර අජිත් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු කළේය .නමුත් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දැඩි ඉල්ලීම මත මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තාවේ. දැනටමත් එම ප්‍රදේශයට ගොස් දේශපාලන කටයුතු සහ සංවිධාන කටයුතු ආරම්භ කිරීමට හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
























