Monday, October 26, 2026
HomeNEWSහිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව අධි චෝදනා භාරදෙයි

හිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව අධි චෝදනා භාරදෙයි

2023 දෙසැම්බර් 31 වැනිදා වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි හෝටලයක වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව මාතර මහාධිකරණයේදී අද (07) දින අධි චෝදනා භාරදෙන ලදී.

මෙම නඩුවට ⁣හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු සෙසු සැකකරුවන් අටදෙනා අද මාතර මහාධිකරණයේදී පෙනී සිටියහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුවට අදාළ පරීක්ෂණ සිදු කරනු ලබන අතර මාතර ප්‍රධාන මහාධිකරණ විනිසුරු නන්දන අමරසිංහ මහතා හමුවේ මෙම නඩුව කැඳවා ඇත.

එහිදී දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු සැකකරුවන් 08 දෙනාට එක් අයෙකුට මුදලින් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් හා ලක්ෂ 50 බැගින් ශරීර ඇප 04ක් ද මත මුදාහැරීමට නියෝග කෙරුණි.

එම ඇප හතරෙන් දෙදෙනෙක් ළඟම ඥාතීන් විය යුතු යන්න ද එම ඇප කොන්දේසියේ සඳහන්ය.

මෙම නඩුව යළිත් ලබන නොවැම්බර් 27 වන දින කැඳවීමට නියමිතව තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...

සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා- පූජ්‍ය උලපනේ සුමංගල හිමි

රජය සමඟ සාකච්ඡා කර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නිදහස ලබා ගැනීමට පියවර ගන්නා බව ත්‍රෛනිකායික මහානායක හිමිවරු ලිඛිතව දැනුම් දී ඇති බැවින්,පසුගිය දින 10ක...

ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව ඉරානය කියයි

ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් දකුණු දිග වරාය නගරයක් වන බන්දාර් අබ්බාස් ආසන්නයේදී, ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළා ඇතැයි, ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

හූති බැලස්ටික් මිසයිලයක් සහ කෲස් මිසයිලයක් විනාශ කළ බව සෞදි අරාබිය පවසයි

රියාද් දෙසට පැමිණෙමින් තිබූ හූති බැලස්ටික් මිසයිලයක් සහ නිරිතදිග ඛාමිස් මුෂයිට් නගරයට එල්ල වූ කෲස් මිසයිලයක්, සිය ගුවන් පද්ධති මගින් විනාශ කළ බව, සෞදි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img