Tuesday, September 22, 2026
HomeNEWSහිටපු ලිබියානු පාලක ගඩාෆිගේ පුත්‍රයෙකු ඝාතනය කෙරේ

හිටපු ලිබියානු පාලක ගඩාෆිගේ පුත්‍රයෙකු ඝාතනය කෙරේ

හිටපු ලිබියානු පාලක කර්නල් මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයෙකු වන සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.මියයන විට ඔහු 53 වන වියේ පසුවුණා.ලිබියානු පුවත් ඒජන්සියට අනුව, ඔහුගේ දේශපාලන කණ්ඩායමේ ප්‍රධානියා මෙම මරණය තහවුරු කර ඇති අතර, එය ඊයේ (03) සිදුවූ බව සඳහන්.සයිෆ් අල්-ඉස්ලාම්ගේ නීතිඥවරයා AFP පුවත් සේවයට පවසා ඇත්තේ, සින්තාන් (Zintan) නගරයේ පිහිටි ඔහුගේ නිවසට කඩා වැදුණු සිව් දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.කෙසේ වෙතත්, ඔහුගේ සොහොයුරිය ලිබියානු රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශ කර ඇත්තේ, ඔහු ඇල්ජීරියානු දේශසීමාව අසලදී මියගිය බවයි.මළ සිරුර පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඔහු වෙඩි වැදීමෙන් මියගොස් ඇති බව තහවුරු කර ඇති අතර, එරට නීතිපති කාර්යාලය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.මුවම්මර් ගඩාෆිගේ උරුමක්කාරයා ලෙස කලක් සැලකුණු සයිෆ් අල්-ඉස්ලාම්, 2011 වසරේදී ඔහුගේ පියාගේ පාලනය බිඳ වැටීමට පෙර එරට වඩාත්ම බලගතු පුද්ගලයෙක්.බටහිර රටවල් සමග සබඳතා ගොඩනගා ගැනීමට ඔහු ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ නමුත්, 2011 කැරැල්ලේදී විරෝධතාකරුවන් මර්දනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඔහුට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවා.ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ අතර, 2015 දී ට්‍රිපොලි අධිකරණයක් විසින් ඔහුට මරණ දඬුවම නියම කර තිබුණා.වසර කිහිපයක් සිරගතව සිටි ඔහු 2017 දී පොදු සමාවක් යටතේ නිදහස ලැබුවා.පසුගිය 2021 වසරේදී ඔහු ලිබියාවේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කළ ද, පසුව එම මැතිවරණය දින නියමයකින් තොරව කල් දැමුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img