Monday, September 21, 2026
HomeNEWS”හොඳින් තේරුම් ගන්න මේ අය දෙබිඩ්ඩෝ හොඳේ..” – අනුර කුමාර

”හොඳින් තේරුම් ගන්න මේ අය දෙබිඩ්ඩෝ හොඳේ..” – අනුර කුමාර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා වාහන ආනයනය කිරීමට රජය ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් පළ කළේ ය.

ඩොලර් හිඟ බව කියමින් ජනතාවගේ මූලික අවශ්‍යතා සියල්ලම පාහේ නරත කර ඇති අවස්ථාවක එලෙස ගෙන්වන වාහනයක නැග ගමන් කළ හැක්කේ කවුරුන් හට දැයි, ඔහු ප්‍රශ්න කර සිටී.

”ආණ්ඩුව ඩොලර් හිගයක් නිසා කහ නතර කරනවා. ටයර් නතර කරනවා. ටයිල් නතර කරනවා. ඒ ඩොලර් නෑ කියලා. ජනතාවගේ මුලික අවශ්‍යතා සියල්ල නතර කරනවා. කොවිඩ් නිසා විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක් මතු වෙලා තියෙන වෙලාවක් මොන මිනිහෙක්ටද පුළුවන්කම තියෙන්නේ ඔවැන් වහනයක් අරන් එකේ වාඩි වේලා යන්න . එවා නිකන් මිනිස්සුන්ගේ ජිවිත් උඩින් යනවා වගේ එවායේ වාඩි වෙලා යනවා කියන්නේ. මිනිස්සු පාර දිගේ බුද්යගෙන ඒ බුදියන් ඉන්න මිනිස්සු උඩින් ගල් රෝලක් අරන් යනවා වගේ හැගිමක් දැනෙන්න ඔනා ඔහොම වාඩි වෙලා යනකොට. හැබැයි එහෙම දැනෙන්නේ කාටද ඇත්ත ජනතාව වෙනුවෙන් පත් කරපු පාලකයින්ට. මේ අය ව්‍යාජ ජනතාව වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පෙනි ඉන්න පාලකයෝ”

අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, මෙවන් ව්‍යසනයක් අවස්ථාවේ මෙවැනි වාහන ගෙන්විම සඳහා දරන ප්‍රයත්නය මුලුමනින්ම නතර ඇතැයි, තොරතුරක් ඇති නමුත් එය නිත්‍යනුකූලව නතර කළ හැකි දැයි යන්න සම්බන්ධයෙන් තවත් තොරතුරක් පවතින බවයි.

”වහාන ගෙන්විම සඳහා දරන ප්‍රයත්නය. මුලුමනින්ම නතර කලා කියලා තොරතුරක් තියෙනවා නමුත් තවත් තොරතුරක් .තියෙනවා, නිත්‍යානුකුලව නතර කල හැකි දැයි කියලා. මොකද ඒ සදහා අවශ්‍ය ණයවර පිලි නිකුත් කරලා තියෙනවා කියලා. මේක හෙරෙන් කරන්න ගියේ”

මේ සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරිමේදී කොවිඩ් වසංගතය පිළිබඳ නොදැන සිටියේ දැයි, ජවිපෙ නායකවරයා ප්‍රශ්න කර සිටී.

”මොකද අගමැතිතුමා කැබිනට් පත්‍රිකාව දානකොට කොවිඩ් වසංගතය ගැන දන්නේ නැද්ද ? රටේ ඩොලර් හිගයක් තියෙනවා කියලා දන්නේ නැද්ද ? දැනගෙන දැම්මේ ගෙන්නමයි දැම්මේ වැඩේ මොකද වුණේ පත්තු වුණා. හොඳින් තෙරුම් ගන්න මේ අය දෙබිඩ්ඩෝ කියලා. දෙබිඩ්ඩෝ හොඳේ..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img