Sunday, November 8, 2026
HomeNEWSෆොන්සේකා අධිකරණයට යයි

ෆොන්සේකා අධිකරණයට යයි

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත්කර ඇති ගැසට් නිවේදනයක් බලරහිත කරන්නැයි ඉල්ලා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නීතිඥ  සුදත් වික්‍රමරත්න යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති,  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන මහත්වරුන් නම් කර ඇති බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසීය.

රාජ්‍ය රහස් පනත යටතේ එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් අදාළ පනත යටතේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව  කියා සිටී.

ඒ අනූව, තමන්ට පැවරී ඇති බලතල අභිබවා ගොස් ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇති බැවින් ඒ මගින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු එය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img