ජනපතිගේ ඉන්දීය සංචාරයේදී මෙරටට තවත් ආර්ථික සහන රැසක්..
අපි රට හදන්න සැළසුම් හදනවිට ඒ කාළකණ්නි රට වළපල්ලට ඇදල දාන්න කටයුතු කළා…
අපේ නිශ්ෂබ්ධතාවයෙන් කුමන්ත්රණකාරයේ ප්‍රයෝජන ගත්තා…
ජනාධිපතිවරයා හා අපි අතර රහස් ගණුදෙනු නැහැ. මේක බොහොම විවෘත්ත වැඩපිළිවෙලක්…
– (අමාත්‍ය ප්‍රසන්න රණතුංග)
නමයි ලකුණයි වෙනස් කරගත්තත් ජනතා විමුක්ති පෙරමුණේ තවම ඉන්නේ පරණ ජොකියෝ ටිකමයි…
අනුර කුමාර 75 වසරක ශාපය ගැන කතා කරන්නේ හරියට එයා මුකුත්ම කරල නැහැ වගේ…
– (පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ)
රට පාලනය කරන්නේ කවුද කියන එක තවම තීරණය කරන්නේ පොහොට්ටුවයි…
– (රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත)
ජනපතිගේ ඉන්දීය සංචාරයේදී මෙරටට තවත් ආර්ථික සහන රැසක් ලැබෙනු ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එමෙන්ම මෙම සංචාරයේදී දෙරටටම අතිශය වැදගත් වූ තවත් කරුණු කාරණා රැසක් සාකච්ඡා කෙරෙනු ඇති බවටද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ පසුගිය ඉරිදා (16) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ ආසන බළ මණ්ඩලයට සහභාගී වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකරන්න අපි එදා නොවිදිනා දුක් වින්දා. අලුත් පක්ෂයක් හැදුවොත් අපිව පාරක් පාරක් ගානේ ඇවිද්දවනව කිව්වා. අපිට නොයෙක් ආකාරයෙන් තර්ජනය කළා. ඒවට සැලෙන්නෙ නැතුව, දේශපාලනික අවධානමකුත් දරාගෙන අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන අලුත් දේශපාලන පක්ෂය නිර්මාණය කළා.
අපේ පක්ෂයේ ශක්තිය තමයි ඔබ. ඔබ හැමදාම නිවරදි තීන්දු ගන්න අපිට ශක්තිය දුන්නා. පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය පමණක් නෙවෙයි මහා මැතිවරණයෙදිත් ඔබ අපේ පක්ෂය ඉතාම ඉහළින් ඔසවා තැබුවා. ඒ අතරදි කොරෝනා ගෝලීය වසංගතය මුළු ලෝකයම වෙළා ගත්තා. කොරෝනා වසංගත තත්ත්වයත් සමඟම ලෝකයේ ආර්ථික අර්බුධයක් නිර්මාණය වුණා. රුසියානු – යුක්රේන යුද්ධය ආරම්භ වුණා. මෙවයින් බැට කන්නේ අපි වගේ පොඩි ආර්ථිකයක් තියෙන රටවල්. ඒ අතරට මිනිසුන්ගේ දුක වේඳනාව තමන්ගේ සතුට කරගත්තු කාළකණ්නි දේශපාලන පක්ෂ මිනිස්සුන්ගේ හිත්වලට විෂබීජ දැම්මා. අපි රට හදන්න සැළසුම් හදනවිට ඒ කාළකණ්නි රට වළපල්ලට ඇදල දාන්න කටයුතු කළා. මේවට අපේම අයත් යම් තරමකින් උදවුකළා. දැන් ඒ සියල්ල හෙළිවෙමින් තිබෙනවා.
රටේ තෙල් පෝලිම්, ගෑස් පොලිම් හැදුණා. විදුලිය දෙන්න බැරි වුණා. මිනිස්සු දැඩි පීඩනයක හිටියා. අපිට මේ ගැටළු නිසි පරිදි කළමණාකරණය කරගන්න බැරිවුණා. අපි ඒ වැරදි පිළිගන්නවා. අපේ නිශ්ෂබ්ධතාවයෙන් කුමන්ත්රණකාරයේ ප්‍රයෝජන ගත්තා.අපිට ගැහැව්වා. ගෙවල් ගිනි තිව්වා. දැන් මේව ගැන කතාකරල වැඩක් නැහැ. ගෙවල් ගිනි තියල, ගහල අපිව නවත්වන්න බැහැ. ඟඟ බාධක හමුවේ නවතින්නේ නැහැ වගේ අපිත් අභියෝග හමුවේ පළා යන්නෙ නැහැ. ඔබ බයවෙන්න එපා. අපි ඔබව තනි කරන්නේ නැහැ. මින් පසුව අපේ පාක්ෂිකයන්ට හිරිහැර වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. දැන් අපි වැඩ කරනවා. කුමන්ත්‍රණකරුවෝ හොයා ගන්නත් නැහැ.
අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්ක එකතුවුනේ කුමන්ත්‍රණකාරයො එළවල ශක්තිමත් රටක් හදන්නයි. ජනාධිපතිවරයා හා අපි අතර රහස් ගණුදෙනු නැහැ. මේක බොහොම විවෘත්ත වැඩපිළිවෙලක්. බොරු කියන්නේ නැහැ. අපි රටට ඇත්ත කියනවා. ඕනම කෙනෙක්ට අපිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න පුළුවන්. හැබැයි අපේ රටේ විපක්ෂය කෑගහනවා මිසක රට වෙනුවෙන් වැඩක් කරන්න එකතුවෙන්නේ නැහැ. හන්දි ගානේ විතරක් නෙමෙයි ෆේස්බුක් එකෙත් රට හදන්න කතාකරන අනුර කුමාරටත් වැඩපිළිවෙලක් නැහැ.
මම තරම් රනිල් වික්‍රමසිංහ මහතාට බැනපු කෙනෙක් නැති තරම්. හැබැයි අපි දෙගොල්ල එකට එකතුවෙලා රට වෙනුවෙන් වැඩ කරනවා. 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකරගන්න එදා අපි රනිල් ජනාධිපතිතුමාට සහය ලබා දීම ගැන දැන් අපි සතුටු වෙනවා. හැබැයි කුමන්ත්‍රණකාරයෝ විතරක් නෙවෙයි අපිත් එක්ක ඉඳලා විපක්ෂයට ගිහිල්ලා ඉන්න පිරිසත් උත්සාහ ගන්නේ අපි දෙගොල්ල විරසක කරවන්නයි. ඒක ඔවුන්ට කවදාවත් කරගන්න බැහැ.
රට ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. අපි අභියෝග වලට බයේ පැනලා දුවන්නේ නැහැ. අද ගෑස් පෝලිම් නැහැ. තෙල් පෝලිම් නැහැ. පැය 24ම විදුලිය තියෙනවා. ඩොලරය ශක්තිමත් වෙනවා. ලබන සතියේදී ජනාධිපතිතුමා ඉන්දියාවේ සංචාරය කරනවා. එහිදී වතුකරයේ හා උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණදෙන ගැටළු විසඳගන්න ආකාරය ගැන සාකච්ඡා කරාවි. ඒ සංචාරයේදී අපේ රටට තවත් ආර්ථික සහන රැසක් ලැබෙනවා. ඒ වගේම දෙරටටම අතිශය වැදගත් වූ කරුණු කාරණා රැසක් පිළිබඳ විවෘතව හා පුළුල්ව එහිදී සාකච්ඡා කරනවා. විපක්ෂයට මේව බලාගෙන ඉන්න බැහැ. සජිත් ප්‍රේමදාස දේශපාලනයට තවම පොඩි දරුවෙක්. එයාට ප්‍රායෝගික දේශපාලනය ගැන තව හුඟාක් ඉගෙන ගන්න තියෙනවා යැයිද පැවසීය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ නමයි ලකුණයි වෙනස් කරගත්තා. හැබැයි තවම ඉන්නේ පරණ ජොකියෝ ටිකමයි. බොරු කියන්නෙ මොකටද අපිනම් අඩි,පුඩි ගහනවා. ඒත් ජනතා විමුක්ති පෙරමුණේ අය බොන්නෙ නැතිලු. හැබැයි ලාල් කාන්ත බීල ගිහිල්ල අනුරාධපුරේදි කැබ් එක ලයිට් කණුවක හප්ප ගන්නවා. පක්ෂය ලෝකෙට බොරු කියනවා.
අනුර කුමාර 75 වසරක ශාපය ගැන කතා කරනවා. හරියට එයා මුකුත්ම කරල නැහැ වගේ. චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති කරන්න, මහින්ද රාජපක්ෂ මහත්තය ජනාධිපතිකරන්න ජේ.වී.පී එක උදවු කළා. 2004 චන්ද්‍රිකා මැතිණියගෙ ආණ්ඩුවේ කැබිනට් ඇමතිකමකුත් දැරුවා. 2015 දි යහපාලන ආණ්ඩුව හොරු අල්ලන බලය ජ.වි.පෙට දුන්නා. ඒ කාලෙත් ජ.වි.පෙ කළේ හොරු… හොරු.. කිය කියා ලෝකෙ වටේ ගියපු එක විතරයි. අල්ලපු හොරෙක් නෑ.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙසේ පැවසීය.
එදා 2015 දි මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය වුනු වෙලේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ විශාල ශක්තියක් ලබා දුන්නේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා. එදා මහින්ද සුළග පවත්වන්නත් පළාතේ ප්‍රධාන ඇමතිවරයා විදිහට ප්‍රසන්න මැතිතුමා විශාල දායකත්වයක් දුන්නා. ජනතාව පෙළගස්වලා ආරම්භ කළ මහින්ද සුළග වැඩපිළිවෙල රට පුරා ගිහින් නැවත වරක් මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් කරන්න මෙතුමා නායකත්වය ලබා දුන්නා. අපි පැරදුනු වෙලේ අපේ පක්ෂයේ බලය සිරිසේන ජනාධිපතිවරයා බලෙන් අරගත්ත වෙලේ ඒ වටා සිටි ජනතාව ශ්‍රීලංකා පොදුජන පෙරමුණ වටා පෙළ ගස්වන්නත් ප්‍රසන්න මැතිතුමා විශාල දායකත්වයක් ලබා දුන්නා. එහෙම අපි හදපු පක්ෂය තමයි අද මේ විදිහට ඉදිරියට ඇවිත් තිබෙන්නේ. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ ජනාධිපති වෙලා ඉන්නවා. එතුමා ජනාධිපතිවරයා බවට පත්වෙන්නේ ඔබ අපි එකතු වෙලා හදපු මේ පක්ෂය නිසයි. අපි හදපු දේශපාලන ධාරාව නිසයි. මේ රටේ ජනාධිපති කවුද, අගමැති කවුද, රට පාලනය කරන්නේ කවුද කියන එක තවම තීරණය කරන්නේ අපි හදපු පක්ෂයයි. එදා අපි මේ පක්ෂය හදද්දි සමහරු අපිට විහිළු කළා. නමුත් අපි අභියෝගය භාර ගත්තා. අපි පළාත් පාලන මැතිවරණය ජය ගත්තා. 69 ලක්ෂයක ජනවරමින් ජනාධිපති කෙනෙක් පත් කළා. 2/3 ක බලයක් සහිත ආණ්ඩුවක් හැදුවා. මේ පක්ෂයේ යෝධ ශක්තිය තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. අපි අභියෝග වලට බය නැහැ. අපි අභියෝග වලට නොබියව මුහුණ දෙන පක්ෂයක් යැයිද පැවසීය.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස තුට්ටිආරච්චි, ගම්පහ මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරංග සේනානායක, ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වීය.
ප්‍රදීප් අනුර කුමාර
(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)
077 9633516






















