Friday, November 13, 2026
HomeNEWS ඉස්පිරිතාලවල අම්මල, ළමයි මැරෙනව කියල විපක්ෂය කාළකණ්නි සතුටක් ලබනව -අමාත්‍ය ප්‍රසන්න...

 ඉස්පිරිතාලවල අම්මල, ළමයි මැරෙනව කියල විපක්ෂය කාළකණ්නි සතුටක් ලබනව -අමාත්‍ය ප්‍රසන්න රණතුංග.

 ඉස්පිරිතාලවල අම්මල, ළමයි මැරෙනව කියල විපක්ෂය කාළකණ්නි සතුටක් ලබනවා…

                                  අමාත්‍ය ප්‍රසන්න රණතුංග

ඉස්පිරිතාලවල අම්මල, ළමයි මැරෙනව කියල විපක්ෂය කාළකණ්නි සතුටක් ලබන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී අද (20) සිදු කළ ප්‍රකාශයකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී සිදුවූ සංවාදය මෙසේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ආණ්ඩු පාර්ශවයෙන් ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය කේෂ්ත්‍රෙය් ඇතිව තිබෙන මෙම ප්‍රශ්නය පිළිබඳව තාක්ෂණික පිලිතුරු දෙන්නෙ නැතුව මේක පිළිබඳව සංවේදි වන්න කියල. අම්මලගෙ, දරුවන්ගෙ පුරවැසියන්ගේ ජීවිත අනතුරේ.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස (ශ්‍රී.පො.පෙ) – මම නුවර එළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. නුවර එළිය රෝහලේ දහ දෙනෙකුගේ ඇස් අන්ධවීම කියන එක සුළු කාරණයක් නෙවෙයි. අපිට ජනතා බළාපොරොත්තු අවමයක්වත් ඉටු කරන්න බැහැ. එවැනි තත්ත්යක් යටතේ සෞඛ්‍ය කේෂ්ත්‍රය බිඳ වැටෙනවා. ඒ වගේම වෛද්‍යවරු රට යනවා. මේ තත්ත්වය තුළ මිනිස්සු අපෙන් අහනවා පාර්ලිමේනතුවෙ ඉඳගෙන මොනවද කරන්නෙ කියල. ඒ නිස බිඳ වැටෙන සෞඛ්‍ය කේෂ්ත්‍රය ආරක්ෂා කරගන්න අපි මීට වඩා වැඩි අවධානයක් දෙන්න ඕන.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සෞඛ්‍ය ප්‍රශ්න ගැන මෙතන දිගටම කතාවෙනවා. ඒවට උත්තර දෙන්න විෂය භාර ඇමතිතුමා මෙතන නැහැ. එතුම සභාවට ආවහ මේ කරුණු ගැන කතාකරමු. අම්මල, ළමයි මැරෙනව කියල විපක්ෂය කාළකණ්නි සතුටක් ලබනවා. අපි මේව ගැන ඇමතිතුමා සභාවට ආවම කතාකරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img