Thursday, October 29, 2026
HomeNEWSLatest News20 සම්මත වීමෙන් විපක්ෂයට යන එන මං නැති වුනා. ඇමති ප්‍රසන්න රණතුංග...

20 සම්මත වීමෙන් විපක්ෂයට යන එන මං නැති වුනා. ඇමති ප්‍රසන්න රණතුංග කියයි.

20 සම්මත වීමෙන් විපක්ෂයට යන එන මං නැති වුනා. ඇමති ප්‍රසන්න රණතුංග කියයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකේ බහුතරය ඡන්දයෙන් සම්මත වීමෙන් විපක්ෂයට යන එන මං අහිමි වූ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් විපක්ෂය ප්‍රමුඛ දේශද්‍රෝහී බලවේග තුන්වන වරටත් අන්ත පරාජයකට පත් වූ බවයි. පසුගිය පළාත් පාලන මැතිවරණය ජනාධිපතිවරණය හා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පැවති ඡන්ද විමසීම මෙම අවස්ථා තුන බවද ඇමතිවරයා පෙන්වා දෙයි. 

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා ආණ්ඩුවේ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පළාත් පාලන නියෝජිතයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සදහන් කලේය. 

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය. 

‘‘20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බහුතර ඡන්දයෙන් ජයග්‍රහණය කිරීම මේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තු ඉටුවීමක්. පහුගිය නොවැම්බරයේදි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාව මේ රටට ආදරය කරන ජනතාව 69 ලක්ෂයක් ඡන්ද දීලා පත් කර ගත්තට19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව හරහා ඔහුගේ අත පහ ගැටගහලයි තිබුනේ. අඩුගානේ මුදල් පනතක් වත් අපිට පාර්ලිමේන්තුවේදි සම්මත කර ගන්න බැරි උනා ඒ නිසා තමයි අපි පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයකට ගියේ. ඡන්දයේ දී අපි මේ රටේ ජනතාවට කිවේ ගෝඨාභය මහත්තයාට ආණ්ඩුව කරන්න තුනෙන් දෙකක් ලබා  දෙන්න කියලා. ඒ වගේ ම අපි කිව්වා අපි මුලින්ම කරන්නේ 19 අහෝසි කරන එක කියලා. හරියටම ජනතාව අපිට තුනෙන් දෙක දුන්නා. අපි ඒ ජන වරමට අනුව 19 අහෝසි කිරීමට 20 ගෙනාවා. අපේ අරමුණ තමයි නව අන්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් රටට ගෙනඒම ඒ සදහා ජනාධිපතිතුමා කමිටුවක් පත් කර තිබෙනවා. ඉදිරිප මාස කිහිපය තුල අපිට රටට නව ව්‍යාවස්ථාවක් හදුන්වා දීමට හැකියාවක් ලැබෙනවා. 

අපේ ආණ්ඩුවේ විවිධ මත දරණ දේශපාලන පක්ෂ ඉන්නවා. 20 සම්බන්ධයෙන් ඒ අය අතරත් විවිධ මත තිබුනා. 20 න් ආණ්ඩුවේ සමගියට කිසිම ප්‍රශ්නයක් වුනේ නැහැ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීතුමා කරපු දේට මම එකග නෑ. 19 අසාර්ථකයි කිවේ එතුමාමයි. අපේ පක්ෂයෙන් තරග කලානම් සාමුගිකව වැඩ කිරීමේ වගකීමක් ඔහුටත් තිබෙනවා. මෛත්‍රී පසුගිය ජනාධිපතිවරණයේදිත් සහාය දුන්නේ ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට නෙවෙයි.  විපක්ෂය මහාලොකු පම්පොරි ගැහුවාට සජිත්ට තමන්ගේ මන්ත්‍රීතුමාවත් රැකගන්න බෑ කියාල අද රටටම ඔප්පු වෙලා ඉවරයි. පම්පෝරි ගැහැව්වට විපක්ෂයට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා ජනතාව දන්නවා. ඒ නිසා විපක්ෂයේ කථා වලට ජනතාව රැවටෙන්නේ නෑ. 

දැන් පවතින කොරෝනා තත්වය පාලනය කිරීම සදහා රජය හැකි උපරිමයෙන් කටයුතු කරනවා මෙය ලෝකයටම පොදු තත්වයක් අනික් රටවලට සාපෙක්ෂව අපි අපේ රටේ කොරෝනා පාලනය කිරීමට සමත්ව තිබෙනවා. ලෝකේ මොන රටේද කොරෝනා ආසාධිතයින්ගේ සමීපතමයන් නිරෝධායනය කරන්නේ මේ නිරෝධායන වැඩ සටහන ලෝකයට හදුන්වා දුන්නේ අපි ඒ නිසා කොරෝනා තුන්වන රැල්ල පාලනයට ආණ්ඩුව ගත හැකි, ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. විපක්ෂය කරන්නේ රජයට එරෙහිව ඇගිල්ල දිගු කිරීම පමණයි. අපේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ එක්ව මේ සදහා ප්‍රායෝගික කටයුතු කරමින් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

Mbappé නිසා Real Madrid පාපන්දු සංගමය චීන ජනතාවගෙන් සමාව අයදී

චීන ජනතාවගෙන් සමාව අයැද Real Madrid පාපන්දු සංගමයෙන් චීන මාධ්‍ය සමූහයට ලිපියක් Real Madrid පාපන්දු සංගමයේ ක්‍රීඩක Kylian Mbappéගේ නොසැලකිලිමත් ප්‍රකාශ සම්බන්ධයෙන් එම පාපන්දු සංගමය...

ප්‍රායෝගික බෞද්ධයන් ලෙස සෑම ආගමකම අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක සජිත්

ප්‍රායෝගික බෞද්ධයන් ලෙස අපි සෑම ආගමකම අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුමන අවස්ථාවකදීවත් සමගි ජන බලවේගය ප්‍රතිපත්ති පාවා නොදෙන බවත්...

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img