Monday, September 14, 2026
HomeNEWS22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර් 24 වැනිදා සූදානම් බවත් ඒ සඳහා ප්‍රගතිශීලි ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම අමතමිනි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය විනාශ කරන බවත් පැහැදිලිවම 22 වැනි සං⁣ශෝධනයට විරුද්ධව ප්‍රථමයෙන් විරුද්ධ වුයේ සමගි ජන බලවේගය බවත් ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදීව එය තවත් ශක්තිමත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට රට මුහුණ දෙන්නේ භයංකාර අභියෝගයකට බවත් වත්මන් මාලිමා රජය මෙම 22 සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර තනි පක්ෂ පාලනයක් ඇති කර රටේම බලය පැලවත්තට ගෙන යාමේ උත්සාහය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ජනතාව නොමග යවා රවටා අන්දවා 2/3 බහුතරය ලබා ගත් බවත් පාර්ලිමේන්තුවේ 159ක් මාලිමාවට හිටියා කියා ලක්ෂ 220 ජනතාවගේ අයිතිය විනාශ කරන්න ඉඩ ⁣නොදෙන බවත් මෙයට විරුද්ධව විශාල ජන බලවේගයක් ගෙන එන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

තවද පුරවැසියන් හා අනාගත පරපුර වෙනුවෙන් මේ දුර්දාන්ත 22 වැනි සංශෝධනය පරාජය කරන ලොකුම වෙඩිමුරය තබන බවත් එය ආණ්ඩුවේ වෙනසක් කරා ගෙන යන බවත් ආණ්ඩුවේ දුර්දාන්ත පාලනය පරාජය කරන ලොකුම පියවර 24 වැනිදා සමගි ජන බලවේගය තබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img