ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානයේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ සියල්ලම එක් වේදිකාවක අසුන් ගනු ලැබීය.
ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීම මගින් සාමූහිකව ඒකාබද්ධ විරෝධතාවයක් වෙනුවෙන් සම්මුතියකට එළඹුණු බවප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය සඳහන් කරයි.එම සංවිධානය වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.
ඉන් අනතුරුව සියලු දේශපාලන පක්ෂ නායකයින් අතර පැවති විශේෂ සාකච්ඡාවේදී එළඹෙන 24 වනදා ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට එරෙහිව 22 පරදවන ජනබලය ලෙසින් දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගයක් පැවැත්වීමට ඒකමතික අනුමැතියක් හිමිවිය.
24 වනදා උදෑසන 9ට කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තු වටරවුමට (පොල්දූව මංසන්ධියට) දිවයිනේ සිව්දෙසින් මහජනතාව ඒකරාශි කිරීමට නායකත්වය සපයන බවට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ එකඟත්වය හිමිවිය.
එහිදී ආණ්ඩුව එම ප්‍රජාතන්ත්‍රවාදී දැවැන්ත විරෝධතාවය එරෙහිව ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකදී ඊට එරෙහිව විපක්ෂය එකමිටට පෙළගැසීමට සූදානම් බව පැවසීය.
25 වනදා ආණ්ඩුවේ තුනෙන් දෙකේ බහුතර පාර්ලිමේන්තු බලයෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරනු ලැබුවහොත් ඉදිරියට අඛණ්ඩවම ඒකාබද්ධ සටන් ක්‍රියාමාර්ගයන්ට එළඹීම වෙනුවෙන් මෙම සාමූහිකය ශක්තිමත්ව පෙනීසිටින බව ඒකමතිකව තහවුරු කරනු ලැබීය.
අනතුරුව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ පිළිබඳව මාධ්‍ය සහ ජනතාව දැනුම්වත් කරන ලදී.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා,මුජිබර් රහුමාන්,නීතිඥ දයාසිරි ජයසේකර,
ඉලංකෙයි තමිල් අරසු කච්චි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ,
දමිළ ප්‍රගතිශීලි සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්,පී.දිගම්බරම්,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාපති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා,මහලේකම් දුමින්ද දිසානායක,
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක,
ඒකාබද්ධ විපක්ෂය මහාචාර්ය මහාචාර්ය ජී.එල්. පිරිස්,
ජාතික නිදහස් පෙරමුණ විමල් වීරවංශ,
පිවිතුරු හෙළ උරුමය නීතිඥ උදය ගම්මන්පිල,
ශ්‍රී ලංකා මහජන පක්ෂය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න,
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෛද්‍ය ජී වීරසිංහ
ලංකා සම සමාජ පක්ෂය පේෂල සේරසිංහ,
එක්සත් ජනරජ පෙරමුණ බන්දුල චන්ද්‍රසේකර,
අරුණළු ජනතා පෙරමුණ වෛද්‍ය කේ.ආර්.ක්‍රිෂ්ණා
නව ලංකා නිදහස් පක්ෂය සෙනල් වෙල්ගම
මහජන එක්සත් පෙරමුණ නීතීඥ තිස්ස යාපා
ජනතා සේවක පක්ෂය ජයන්ත විජයසිංහ
සර්ව ජන බලය ජගත් පුෂ්ප කුමාර
නව ජනතා පෙරමුණ උපතිස්ස කුමාරතුංග
ජනසෙත පෙරමුණ බත්තරමුල්ලේ සීලරතන හිමි
සත්‍ය ගවේශකයෝ නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියහ.
ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න,නීතිඥ ශිරාල් ලක්තිලක,දීප්ති කුමාර ගුණරත්න,නිශාන්ත ශ්‍රී වර්ණසිංහ,සමන් රත්නප්‍රිය,රවී කුමුදේශ්,නීතිඥ ආශා කහවත්ත යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.

























