Friday, November 27, 2026
HomeNEWS5 ශිෂ්‍යත්ව විභාගය අදයි.. විභාග කොමසාරිස්ගෙන් මවුපියන්ට උපදෙසක්

5 ශිෂ්‍යත්ව විභාගය අදයි.. විභාග කොමසාරිස්ගෙන් මවුපියන්ට උපදෙසක්

2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ වීමට නියමිතව තිබේ.ඒ අනුව අද පෙරවරු 9.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත.ඒ වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන සූදානම් කිරීම සහ දූමායනය කිරීම ඊයේ (09) දිනයේදී සිදු කෙරිණි.මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 307,951 පෙනී සිටීමටද නියමිතය.ශිෂ්‍යත්ව විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබා දීමට නියමිත අතර එය 10.45 වන විට අවසන් වීමටද නියමිතව ඇත.ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් හිමිවන අතර ඉන් අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රය 11.15ට ආරම්භ වේ.එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට පැයක කාලයක් ලබා දෙන අතර ඒ අනුව 12:15ට එම ප්‍රශ්න පත්‍රය අවසන් වීමටද නියමිතය.ඒ අනුව 09 : 30ට ආරම්භ වන විභාගය පස්වරු 12:15ට අවසන් වීමටද නියමිතය.මේ අතර ඊයේ ඊයේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ අද දිනයේදී ආරම්භ වන ශිෂ්‍යත්ව විභාගය අතරතුර යම් කිසි ආපදා තත්ත්වයක් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුවත් කළ හැකි බවත් ඒ වෙනුවෙන් වූ විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති බවය. එමෙන්ම උදෑසන 09:30ට ආරම්භ වීමට ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග ශාලාව වෙත උදෑසන 08:30 වන විට සිය දරුවා රැගෙන එන ලෙසද ඇය දෙමාපියන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළාය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය,”පෙරවරු 9:30ට තමයි විභාගය ආරම්භ වෙන්නේ. නමුත් සියලුම දරුවන් තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පෙරවරු 8:30 වෙනවිට යන්න ඕනේ. පෙරවරු 9.00 වනවිට විභාග ශාලාවේ දරුවන් අසුන් ගත යුතුයි.විශේෂයෙන්ම දරුවන් ලියන්න අවශ්‍ය පෑන්, පැන්සල්, මකන කෑල්ලක්, අඩිරූලක් අරගෙන යන්න පුළුවන්. ඒවා රැගෙන යන්න පුළුවන් විනිවිද පේන පර්ස් එකක තමයි දාගෙන යන්න ඕනේ.ඒ වගේම කටුවැඩ සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් අපි විශේෂ කඩදාසියක් ලබා දෙනවා. ඒ නිසා කටුවැඩ සඳහා හෝ කිසිදු වැඩකට අනවශ්‍ය කඩදාසි, ෆයිල් කවර රැගෙන එන්න එපාදෙමාපියන්ට විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයට ඇතුළු වෙන්න බැහැ. දෙමව්පියන්ගෙන් මම ආදරයෙන් ඉල්ලා සිටිනවා දරුවන්ට ඉතාමත් මනස සන්සුන්ව, පීඩනයකින් තොරව හොඳින් ප්‍රශ්න පත්‍රය අවධානයෙන් කියවලා පිළිතුරු සපයන්න පුළුවන් වාතාවරණයක් සකසා දෙන්න කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිට්වාවලට අවුරුද්දයි, තවමත් දහස් ගණනක් තාවකාලික නිවාසවල- නාමල් රාජපක්ෂ

ග්‍රාමීය සංවර්ධනයට බිලියන 35ක් පහුගිය අවුරුද්දේ වෙන් කරලා. බිලියනයයි වියදම් කරලා තියෙන්නේ.නාමල් රාජපක්ෂ ආණ්ඩුව ඉලක්කම් නම් කියනවා. හැබැයි ඉතින් ගරු සභාපතිතුමිය ප්‍රශ්නය ප්‍රායෝගිකව මේ කියන...

පලස්තීන ජනතාවට ජීවත් වීමට ඉඩ දෙන්න” සමාජවාදී තරුණ සංගමයෙන් සහයෝගිතා වැඩසටහනක්

“පලස්තීන ජනතාවට ජීවත් වීමට ඉඩ දෙන්න” සමාජවාදී තරුණ සංගමයෙන් සහයෝගිතා වැඩසටහනක් නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ජනතාව එක්විය යුතුයි – සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර නොවැම්බර්...

30 වනදා ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දක්වනවා-GMOA

අයවැයට විරෝධය පළකර ලබන 30 වනදා ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට, අද (27) රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කරයි.

සෞදි අරාබියේ ‘ජසාන්’ කලාපයේ පිහිටි තෙල් පිරිපහදුවකට ප්‍රහාරයක්

සෞදි අරාබියේ 'ජසාන්' කලාපයේ පිහිටි තෙල් පිරිපහදුවකට එල්ල වූ ප්‍රහාරයකින් නේපාල ජාතිකයෙකු මියගොස් තවත් පිරිසකට තුවාල; ගින්නෙන් පිරිපහදුවේ මෙහෙයුම් තාවකාලිකව නතර කෙරේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img