Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsකොවිඩ් රෝගීන් අඩු ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කෙරේ ද?

කොවිඩ් රෝගීන් අඩු ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කෙරේ ද?

කොවිඩ් රෝගීන් අඩු ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කෙරේ ද?

රට නොවසා ආර්ථික හා සමාජීය කටයුතු පවත්වා ගෙන යෑමේ විශේෂ අවශ්‍යතාවයක් තිබෙන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ඒ නිසාවෙන් සෞඛ්‍ය උපදේසවලට අනුගතව කටයුතු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා රජයක් ලෙස මෙම කටයුත්ත කළමනාකරණය කිරීමට උපරිම දායකත්වය ලබා දෙන බවත් සඳහන් කළේය.

කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයි ජනතාවට පවසන බවත් කියාසිටි අමාත්‍යවරයා, මීට පෙර ඇති වු තත්ත්වයේ දීත් ලංකාවේ පවුල් ලක්ෂ 60කට රුපියල් බිලියන 60කට ආසන්න මූල්‍ය ප්‍රතිලාභ ලබා දීමට රජය කටයුතු කළ බවත් පැවසීය.

“ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව රජය බොහෝම පැහැදිලිව අවධානය යොමු කරලා තියෙන්නේ. මීට පෙර ඇති වුණ තත්ත්වයේදීත් ලංකාවේ පවුල් ලක්ෂ 60 ට රුපියල් බිලියන 60කට ආසන්න ප්‍රමාණයක මුල්‍ය ප්‍රතිලාභ ඉතාම අපහසු සමාජ කාලවකවාණුවක දී ලබා දෙන්න රජය කටයුතු කළා වගකිව යුතු රජයක් විදියට. මේ අවස්ථාවේ දීත් අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් මෙම ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ගැනීමට. ඒ නිසා තමයි සඳහන් කළෙත් ඊයේත් රෝගීන් එක් කෙනෙක් හෝ දෙදෙනෙක් සොයා ගත් පොලිස් බලප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කරන්න කියලා ජනාධිපති තුමා දැනුම් දීලා තියෙනවා. ජනතාව පත්වෙලා තියෙන අපහසුතාවය ගැන අපි කණගාටුවට පත්වෙනවා වගේම අදාළ වෙළෙඳ ස්ථාන ඇතුළු ස්ථාන විවෘත කිරීම සඳහා එම පළාතේ දේශපාලන අධිකාරිය මැදිහත්ව කටයුතු කරමින් සිටිනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img