අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අද රාත්‍රී සිට පහළට.
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයන බදු ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි .ඒ අනුව සැමන් ටින් ලොකු එකක මිල රුපියල් දෙසීයක් ද පරිප්පු කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 150ක් ද ලොකු ලූනු කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් සීයක් ද සීනි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 85 ක් ද වශයෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට මිල නියම කෙරෙනු ඇත.






















