Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsජනපතිගේ සහ අගමැතිගේ උපදෙසින් මධ්‍යම ප්‍රාන්තික පවුල්වලට නිවාස 5,000ක් ඉදිකිරීම් මූලික කටයුතු...

ජනපතිගේ සහ අගමැතිගේ උපදෙසින් මධ්‍යම ප්‍රාන්තික පවුල්වලට නිවාස 5,000ක් ඉදිකිරීම් මූලික කටයුතු ආරම්භ කෙරේ.

වසර 3 ක් ඇතුළත මෙම නව නිවාස ජනතා අයිතියට.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මධ්‍යම ප්‍රාන්තික පවුල් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත මහල් නිවාස 5,000 ඉදිකිරීමේ මුලික කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ උපදෙස් පරිදි පසුගිය 12 වැනිදා අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේ ප්‍රධානත්වය දැරූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ මෙම මහල් නිවාස ඉදිකිරීමේ මූලික කටයුතු දැන් සිටම ආරම්භ කළ යුතු බවයි.

අඩු ආදායම්ලාභී නිවාස නොමැති පවුල් වෙනුවෙන් නව නිවාස ලබා දීමේ වැඩසටහන එක් පැත්තකින් සාර්ථකව සිදුකෙරෙද්දි අනෙක් පැත්තෙන් නිවාස නොමැති මධ්‍යම ප්‍රාන්තික පවුල් වෙනුවෙන් නිවාස ලබාදීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගෙන් උපදෙස් ලැබී ඇති බවද අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විසින් පෙන්වා දෙන ලදී.

වෛද්‍යවරුන්, නීතීඥවරුන්, ගුරුවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල රජයේ සේවකයින්ට ඔවුන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන විටම ඔවුන් ස්ථිර ලෙස පදිංචි කරවීමේ අරමුණින් මෙම නව මහල් නිවාස සංකීර්ණ ඉදිකෙරෙන බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ බ්ලූමැන්ඩල්, පෑලියගොඩ, ඔරුගොඩවත්ත, කොට්ටාව, පන්නිපිටිය, මාළඹේ, මහනුවර, අනුරාධපුරය ඇතුළු නගර කිහිපයක මෙම නව මහල් නිවාස 5,000 ඉදිකිරීම් කටයුතු ඉදිරි මාස 2 ක ඇතුළත ආරම්භ කිරීමට නියමිත අතර එම නිවාස ඉදිකිරීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අදාළ කොන්ත්‍රාත් සමාගම්වලට උපදෙස් ලබාදෙන ලදී.

ඒ අනුව මෙම කොන්ත්‍රාත් සමාගම් විසින් මහල් නිවාස ඉදිකිරීමට යෝජිත භූමි ප්‍රදේශවල මූලික බිම් සකස් කිරීමේ කටයුතු ද අද හෙටම ආරම්භ කිරීමට නියමිතයි.

කාමර දෙකකින් සමන්විත වර්ග අඩි 700 ක නිවාස සහ කාමර තුනකින් සමන්විත වර්ග අඩි 900 ක යන නිවාස වර්ග දෙක මෙම මහල් නිවාස 5,000 ට අයත් වන අතර එම නිවාස වර්ග දෙකෙහි ආදර්ශ නිවාස කඩිනමින් සකස් කර අනුමැතිය ලබා ගැනීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණ.

වසර 3 ක් ඇතුළත මෙම මහල් නිවාස 5,000 ඉදිකර අවසන්කොට මධ්‍යම ප්‍රාන්තික ජනතාව අතට පත්කිරීමට නියමිතයි.

6.25% ක සහන පොළියකට වසර 30 ක කාලයක් තුළ සහනදායී වාරික වශයෙන් මෙම නිවාස මිළදී ගැනීමේදී අදාළ ගෙවීම් සිදුකිරීමට ද සැලසුම් කර තිබේ.

මෙම මහල් නිවාස ඉදිකිරිම සඳහා මූලික වියදම ලෙසට රුපියල් බිලියන 25 ක ණයකර නිකුතුවක් මඟින් මුදල් ලබා ගැනීමට නියමිතයි.

මහල් නිවාස 5,000 වෙනුවෙන් වැයකෙරෙන මුළු මුදල රුපියල් බිලියන 60 කි.

මෙම මහල් නිවාස 5,000 ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ලබා දෙන අතර සියලු ඉදිකිරීම් නිසි ප්‍රමිතියට සිදුවෙනවාද යනුවෙන් පූර්ණ අධික්ෂණ කටයුතු සිදුකරනු ලබන්නේ ද නාගරික සංවර්ධන අධිකාරිය මඟිනි.

ඉදිකිරීම් සංගමය සමඟ සාකච්ඡා කර මෙම ඉදිකිරීම් ක්‍1 ශ්‍රේණියේ කොන්ත්‍රාත්කරුවන්ට ලබාදී ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් මහල් නිවාස ඉදිකරගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.

මෙහිදි නව නිවාස 5,000 ක් මධ්‍යම ප්‍රාන්තිකයන් වෙනුවෙන් ඉදිකිරීම සඳහා සාකච්ඡා කෙරුණු අතර ගුණාත්මක බවින් වැඩි නිවාස ඉදිකිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවන් සමඟ වැඩිදුරටත් සාකච්ඡා කෙරුණි. මේ සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍1  ශ්‍රේණියෙන් ඉහළ කොන්ත්‍රාත් සමාගම් රැසක නියෝජිතයේ සහභාගී වූහ.

ඔවුන් ප්‍රකාශ කළේ “සෞභාග්‍යයේ දැක්ම” අනුව මධ්‍යම ප්‍රාන්තිකයන් වෙනුවෙන් ඉදිකරන නිවාසවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව සහයෝගයෙන් කටයුතු කරන බවයි.

මෙම අවස්ථාව සඳහා සියලු ඉදිකිරීම් සමාගම්වල ප්‍රධානීහු නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, නාගරික සංවර්ධන අධිකාරියේ වැ.බ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපල හා ඉඩම් කළමණාකරන) ඊ.ඒ.සී. ප්‍රියශාන්ත යන මහත්වරු සහ අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

 අදාල ඡායාරූප Email කර ඇත.

ඉහත ප්‍රවෘත්තිය සඳහා ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...

අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා 9081ක් නිකුත් කිරීමට පියවර ගත්තා-අධිකරණ ඇමති

මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ.පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කිරීමට පියවර ගත්තා.අධිකරණ ඇමති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img