Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලේ සිසුන්ගේ මාසික ශිෂ්‍යත්ව මුදල ඉහළ දැමීමට...

ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලේ සිසුන්ගේ මාසික ශිෂ්‍යත්ව මුදල ඉහළ දැමීමට අග්‍රාමාත්‍යතුමා උපදෙස් දෙයි

ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලේ සිසුන්ට ලබා දෙන රුපියල් දෙදහසක්වන
මාසික ශිෂ්‍යත්ව අරමුදල රුපියල් තුන්දහස දක්වා වැඩිකිරීමට ගරු අග්‍රාමාත්‍ය
මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.10.13 දින උපදෙස් දුන්නේය.
ටවර් හෝල් රඟහල පදනමේ 296 වැනි භාරකාර මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති
අවස්ථාවේ මෙම තීරණයට එළැඹිණි.
මෙයට අමතරව ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලේ වාර්ෂිකව විශිෂ්ට
දක්ෂතා දක්වන සිසුන්ට ලබා දෙන රුපියල් 5000ක මුදල් ත්‍යාගය රුපියල් 10000ක්
දක්වා ඉහළ දැමීමට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් දුන්නේය.
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කළේය.
ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා එම
යෝජනාවට අදාළ පත්‍රිකාව ඉදිරිපත් කරමින් දුරබැහැර පළාත්වල සිට පැමිණෙන
නාට්‍ය හා රංගකලා පාසලේ සිසුන් පසුගිය කාලය පුරාවට විශිෂ්ට දක්ෂතා
පෙන්නුම් කර ඇති බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒ ශ්‍රේණියේ
පාඨමාලා සහතිකය ඊට හිමිව ඇති බවත් අග්‍රාමාත්‍යතුමාට පෙන්වා දුන්නේය.
කලාකරුවන්ට රජයෙන් ලබාදෙන නිවාස පසුකාලීනව විකිණීමෙන් කලාපුරය වැනි
ස්ථානවල තිබෙන වැදගත්කම හීන වී යනබව පැවැසූ අග්‍රාමාත්‍යතුමා එසේ රජයෙන්
නිවේදන අංක – 122
2020.10.13

කලාකරුවන්ට ලබාදුන් නිවාස විකුණන්නේ නම් ඒවා නැවත රජයට පවරාගැනීම
පිළිබඳව අවධානය යොමු කරන්නැයි පැවසීය.
ඊට අමතරව කලාපුරයේ දැනට සංවර්ධනය නොකළ රජයට අයත් භූමියේ
කලාකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ඉදිකළ හැකිබව අග්‍රාමාත්‍ය ලේකම්
ගාමිණී සෙනරත් මහතා පෙන්වා දුන් අතර ඊට අදාළ සොයා බැලීම් කරන්නැයිද
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවැසීය.

අනුරාධපුරය, නුවරඑළිය, මොනරාගල සහ යාපනය ප්‍රදේශවල කලාකරුවන්
වෙනුවෙන්ම වෙන්වූ නව නිවාඩු නිකේතන ඉදිකිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම
සඳහා අවශ්‍ය භූමිය වෙන්කරගැනීමේ කටයුතු සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද
රාජපක්ෂ මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක හා බුද්ධ ශාසන, ආගමික
හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන
මහත්වරුන්ට දැනුම් දුන්නේය.
ටවර් හෝල් රඟහල පදනම සහ කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ
අනොන්‍ය අවබෝධතාවය අනුව පාඨමාලා සහ නාට්‍ය උළෙලක් පැවැත්වීමට
අග්‍රාමාත්‍යතුමාගේ අනුමැතිය මෙහිදී හිමිවිය.
නාට්‍ය හා රංගකලා පාසලේ දක්ෂතා දක්වන දරුවන්ට විදේශ ශිෂ්‍යත්ව පිරිනැමීම
පිළිබඳව අවධානය යොමු කරමින්, ඉන්දියාව, රුසියාව ඇතුළු නාට්‍ය කලාව
සම්බන්ධයෙන් විදෙස් ශිෂ්‍යත්ව පිරිනැමිය හැකි විශිෂ්ට පාඨමාලා පවතින රටවල්
සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට ද මෙම
රැස්වීමේදී තීරණය විය.
කලාකරුවන්ට ලබාදෙන හදිසි අනතුරු රක්ෂණ මුදල් පිරිනැමීමේදී වේදිකා නාට්‍ය
කලාකරුවන්ට පුමුඛත්වය දෙමින් මුල් අදියරේදී එම මුදල් පිරිනැමීම ආරම්භ
කිරීමට මෙම හමුවේදී තීන්දු විය.
මෙම අවස්ථාවට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය විදුර
වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධ ශාසන, ආගමික හා
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය
අතිරේක ලේකම් චමින්ද කුලරත්න, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමිය කලා
ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.ටී.කොඩිකාර, ටවර් හෝල්
පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, පාලන හා සංවර්ධන

අධ්‍යක්ෂ නිපුන දිසානායක, වැඩබලන සංස්කෘතික අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ,
මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා කුලෝජා පීරිස්, ටවර් හෝල් පදනමේ
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, හෂීම් ඕමාර් මහත්ම
මහත්මීන් ඇතුළු ටවර් හෝල් පදනමේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...

අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා 9081ක් නිකුත් කිරීමට පියවර ගත්තා-අධිකරණ ඇමති

මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ.පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කිරීමට පියවර ගත්තා.අධිකරණ ඇමති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img