Saturday, November 14, 2026
HomeNEWSLatest Newsසේවා නියුක්තයන්ගේ (ETF) භාර අරමුදල් මණ්ඩලය පහේ ශිෂ්‍යත්වය සමත්ද රුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයට...

සේවා නියුක්තයන්ගේ (ETF) භාර අරමුදල් මණ්ඩලය පහේ ශිෂ්‍යත්වය සමත්ද රුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයට රු.මිලියන 90ක චෙක්පතක් අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි

දෙදහස් දහනවය වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වූ සේවා
නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකයන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය
සඳහා ලබාදෙන රුපියල් මිලියන 90ක් (රු.89,895,000) වටිනා චෙක්පත අද
2020.10.13 දින අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
මැතිතුමාට පිරිනැමිණි.
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා
විජයරත්න මහතා විසින් අග්‍රාමාත්‍යතුමාට මෙම චෙක්පත භාරදෙන ලදී.
2019 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දූ දරුවන් 5993 දෙනෙකු වෙනුවෙන්
පළමු අදියර යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා මෙම මුදල් මහජන බැංකුවට
යොමුවනු ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 1994 වසරේ කම්කරු අමාත්‍යවරයාව
සිටියදී රටේ කම්කරු ජනතාව වෙනුවෙන් කරන උපහාරයක් සහ දැයේ
දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමේ අරමුණ ඇතිව සේවා නියුක්තයන්ගේ සමාජික
දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ආරම්භ කළේය.
ඒ අනුව 1994 සිට අඛණ්ඩව ක්‍රියාත්මක මෙම වැඩසටහනට අදාළව සෑම
වසරකම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වන සේවා නියුක්තයන්ගේ භාර
නිවේදන අංක – 123
2020.10.13

අරමුදලේ සාමාජිකයින්ගේ දූ දරුවන් 9000ක් සඳහා එක් අයෙකුට රුපියල් 15000
ක් වටිනා ශිෂ්‍යත්වයක් ප්‍රදානය කෙරේ.
මහජන බැංකුව ශිෂ්‍යත්ව ලාභී දරුවන් වෙනුවෙන් අදාළ මුදල් සිසු උදාන ගිණුමක
තැන්පත් කරයි. ශිෂ්‍යත්වලාභි දරුවන්ගේ ගිණුම් විවෘත කරන අවස්ථාවේදී
මහජන බැංකුව මලලසේකර සිංහල ඉංග්‍රිසි ශබ්දකෝෂයක් තිළිණ කරන අතර
සමාන්‍ය පොලී අනුපාතයට වැඩි ප්‍රතිශයක්ද එම ගිණුම් සඳහා ලබාදෙයි.

මෙම අවස්ථාවට සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති
ශ්‍රියාන් ද සිල්වා විජයරත්න, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ
මහත්වරු ඇතුළු සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ හා මහජන
බැංකුවේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල්

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල් ප්‍රදානය කෙරේ. අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම්වලින් වී වගාවන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img